‘ජී20’ සමුළුවට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියාව නිල වශයෙන් නිවේදනය කළේය.
‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ, සුන්ඩා දූපත්වලට අයත් බාලි පළාතේය. සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි පසුගිය 8 වැනිදා ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ ද පවසා තිබුණි.
‘ජී20’ යනු ලොව ආර්ථිකමය වශයෙන් බලවත් රටවලට එකමුතුවය.
රුසියාව ‘ජී20’ සාමාජිකයෙකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බවත්, බාලි සමුළුවට ඔහු පැමිණෙන්නේ නැති බව තවමන්ට පැවැසූ බවත් ජනාධිපති යෝකෝ විඩෝඩෝ එම අවස්ථාවේ කියා සිටියේය.
රුසියන් ජනාධිපති පුටින්, සමුළුවට සහභාගී නොවන්නේ රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.
සමුළුවට ඇමෙරිකා, බි්‍රතාන්‍ය, ප්‍රංශ, ඇතුළු බටහිර රටවල නායකන් සහාභාගී වීමට නියමිතය. එම රටවල් සියල්ල රුසියන් යුක්රේන අර්බුදයේදී රුසියාවට විරුද්ධව කටයුතු කරයි.
(රොයිටර්)