‘නීපා’ වයිරසය කේරළයේ පැතිරේ


දුර්ලභ වයිරස ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම වයිරසය ‘නීපා’ යැයි හඳුනාගෙන ඇත.

පළමු ‘නීපා’ මරණය වාර්තා වූයේ පසුගිය අගෝස්තුවේය. දෙවැනි මරණය වාර්තා වූයේ මීට දින කිහිපයකට පෙර ය.

මියගිය දෙදෙනා එකම පවුලේ සාමාජිකයන් යැයි හඳුනාගෙන තිබේ. දෙදෙනාගේම ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යොමු කෙරුණු බව ද පැවැසෙයි.

‘නීපා’ වයිරසය මොළයේ සෛල විනාශ කරයි. වයිරසය මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන්නේ ශ්‍රාව ස්පර්ශයෙනි.

ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් ද  වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වන බව හඳුනාගෙන ඇත.‘නීපා’ වයිරසය සඳහා ප්‍රතිකර්මයක් සොයාගෙන නැත.