‘බිපාර්ජෝයි’ ඉන්දියාවට-පාකිස්තානයට


අරාබි මුහුදේ වර්ධනය වූ ‘බිපාර්ජෝයි’ සුළි කුණාටුව ඉන්දියාවට සහ පාකිස්තානයට කඩා වැදුණි. සුළි කුණාටුව, ඉන්දියාවටත් පාකිස්තානයටත් කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 100 කට වැඩි වේගයකිනි.

සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ ඉන්දියාවේත් පාකිස්තානයේත් අනාරක්ෂිත පළාත්වල ජීවත් වූ දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. ධීවර කටයුතුවලින් ඉවත් වෙන්නැයි ධීවරයන්ට උපදෙස් ලැබුණි.

පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නගරයේ අනාරක්ෂිත ස්ථානවල පදිංචිවී සිටි 66,000 ක් දෙනා ආරක්ෂිත කඳවුරුවලට යොමු කෙරුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ නගරයේ වෙළෙඳසැල් කල්වේලා ඇතිව වසා දැමුණි.

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්තයේ අනාරක්ෂිත ස්ථානවල පදිංචි 8,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ගුජරාඨ බලධාරිහු පියවර ගත්හ. අගල් 10 ට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි ගුජරාට ප්‍රාන්ත කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබුණාහ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ද සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය.