‘මෝඛා’ මියන්මාරයේ 81 දෙනෙක් බිලිගනී


මියන්මාරය කැලඹූ ‘මෝඛා’ සුළි කුණාටුව හේතුවෙන් එරට මියගිය ගණන මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් තිබේ.

මියන්මාර පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුව හේතුවෙන් ඇති වුණු ආපදා තත්ත්වයෙන් 100 කට වැඩි පිරිසක් ඇතුරුදක් බවය. ඒ අනුව මරණ සංඛාව ද තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

වසර 10 ක් ඇතුළත මියන්මාරයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව ලෙස ‘මෝඛා’ සැලකෙයි. මියන්මාරයේ සන්නිවේදන කටයුතුවලට ද සුළි කුණාටුයෙන් බාධා එල්ල විය.

(රොයිටර්)