‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ


ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී නැතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම ආරම්භ කළේ උතුරුදිග ගාසා තීරයෙනි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා ගිය පලස්තීනුවන් ලක්ෂ 3 ක පිරිසක් මේ වනවිට රැඳී සිටින්නේ ද රෆා නගරයේය. රෆා නගරය ඇත්තේ ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්වය.

රෆා නගරයේ පලස්තන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන බලන්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ද ඉන්දියාව ද ඊශ්‍රායලය රජයට බල කර ඇත. පලස්තීන වැසියන් ආරක්ෂා කරන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කළ ඉල්ලීම සැලකිල්ලට නොගෙන, ඊශ්‍රායලය රෆා නගරයේ ඉලක්කවලට පහර දෙයි. එය මානුෂීය ඛේදවාචකයක් බව බටහිර රටවල් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)