‘ලෝක නායකයින්ගේ දුර්වලතා නිසා කෝවිඩ් 19 පැතිරීම වේගවත් වෙලා’


ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන්  "අපැහැදිලි" පණිවුඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කර සිටී.

 

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවාගොස්, මරණ පන්ලක්ෂ හැත්තෑ හය දහස් හාරසියයක් වාර්තා වන පසුබිමකය එම සංවිධානය මේ බව අවධාරණය කර ඇත.

 

කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේ දී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නම් ගේබ්‍රියාසෙස් කියා සිටී.

 

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ රාජ්‍ය නායකයින් ජනතාව හමුවේ සිදුකළ අවිධිමත් හා අනවබෝධය පතුරන ප්‍රකාශ හේතුවෙන් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැංවීමට අසීරු වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ සිය නවතම වාර්තාව එළි දක්වමින් සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය යටතේ 2030 වසරේදී ගෝලීය දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්ක සපුරාගැනීම තවදුරටත් සිහිනයක් වනු ඇති බවය.

 

(ගාඩියන්  ඇසුරෙනි)

(125)