ලෙබනනයේ ෂියා මුස්ලිම් ‘හිස්බුල්ලා’ දේශපාලන පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂවලට ලෙබනන් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය.
පාර්ලිමේන්තුවේ බලය අහිමි වූයේ මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දීය. හිස්බුල්ලා දේශපාලන පක්ෂය ඇතුළු ඊට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්වලට දිනා ගැනීමට හැකි වූයේ පාර්ලිමේන්තුවේ ආසන 128 න් ආසන 62 ක් පමණි.
ඇමෙරිකාව සලකන්නේ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසය. හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. ලෙබනනයේ දේශපාලනයට සම්බන්ධ වී සිටින්නේ දේශපාලන අංශයයි.
හිස්බුල්ලා දේශපාලන පක්ෂය තමන්ගේ ආසන තහවුරු කරගත්තත්, ලෙබනන් ජනාධිපති මයිකල් එයොන්ගේ ක්‍රිස්තියානි නිදහස් දේශප්‍රේමී ව්‍යාපාරය පක්ෂයට ඇති සහයෝගය අහිමි වී ඇත.
සෞදි අරාබිය සමග සමීප සම්බන්ධකම් ඇති ක්‍රිස්තියානි පක්ෂයට සහ ලෙබනන හමුදාවන්ට ඉන් වාසි අත්වුණැයි පැවැසෙයි. ලෙබනනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව පැවසූ ස්වාධින අපේක්ෂකයන් 13 දෙනකු පාර්ලිමේන්තුවේ ආසන දිනා ගැනීමට සමත් වී තිබේ.
හිස්බුල්ලා සහ ඊට සහාය දක්වන දේශපාලන පක්ෂ සන්ධානය 2018 වසරේ පැවති මහ මැතිවරණයේදී ආසන 71 දිනා ගැනීමට සමත් වී තිබුණි. මෙවර මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය දිනා ගැනීමට නොහැකි වූ බැවින්, ලෙබනනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ගැටලුවක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ලෙබනන ජනතාවගෙන් සියයට 80 ක් ධරිද්‍රතාවයෙන් පීඩා විදින බව පැවැසෙයි.
(රොයිටර්)