’ඊඕවින්’ බ්‍රිතාන්‍යය කලඹයි


පැයට කිලෝ මීටර් 160 කට වඩා වැඩි වේගයකින් එක්සත් රාජඡානියට කඩා වැදුණු 'ඊඕවින්' නම් සුළිකුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත ප්‍රාන්තවල මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

වසර 10ක් තුළ එක්සත් රාජධානියට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

සුළි කුණාටුවෙන් ස්කොට්ලන්තයට ද බලපෑම් එල්ල වී ඇති බවත් නිවාස සහ ගොඩනැගිලි 400 ක් විනාශ වී ඇති බවත් වාර්තා වේ.

ඊඕවින් කුණාටුව හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද මුළුමනින්ම බාධා එල්ල වී ඇත.

(එන්.ඩී.ටීවී.)