'කොවිඩ් 19' වයිරසයට එරෙහිව තම විද්‍යාඥයන් එක් වී දේශීය වශයෙන් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්, 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමට වැඩි දියුණු කරන බව කියුබාව පවසයි.
කියුබාව ප්‍රතිශක්තිකරණ එන්නත් කීපයක් නිපදවා ඇති අතර, 'සොබර්නා 2' නමැති ප්‍රතිශක්තිකරණ එන්නත ඒ අතරින් කැපී පෙනෙයි. මෙම එන්නත නිපදවන්නේ කියුබාවේ 'ෆන්ලේ' ඖෂධ පර්යේෂණ ආයතනයයි.
මේ වනවිට 'ෆන්ලේ' ඖෂධ පර්යේෂණ ආයතනය මාසයකට 'සොබර්නා 2' එන්නත් මිලියන 10 ක් නිෂ්පාදනය කරයි. කියුබාවේ ජනගහනයෙන් මිලියන 11 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ. ප්‍රතිශතයක් ලෙස එය සියයට 81 ක් බව පැවැසෙයි.
(රොයිටර්)