ලොව සෙසු රටවලට වඩා යුරෝපා කලාපීය රටවල 'කොවිඩ් 19' මරණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඊට හේතුව වී ඇත්තේ යුරෝපා රටවල වැසියන් එන්නත් ලබා ගැනීමට උනන්දුවක් නොදැක්වීම සහ සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිනොපැඳීම යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
'කොවිඩ් 19' සඳහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන්, කොවිඩ් 19' ආසාදනය වුවත්, මරණයට පත් වීමට ඇති ඉඩ අඩු වෙයි. වයිරස ව්‍යාප්තිය ද යම්තාක් දුරකට සීමා කිරීමට එන්නත්කරණය ඉවහල් වෙයි. එන්නත් ලබා ගැනීම ලොව සෑමගේ වගකීම යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දි ඇත්තේ ඒ නිසාය.
යුරෝපා රටවල වැසියන් මුහුණු ආවැණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය නොසකලා හැරීම ද එම රටවල ආසාදිතයන් සහ මරණ ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. අද වනවිට යුරෝපා රටවල් 16 ක 'කොවිඩ් 19' ආසාදියන් සහ මරණ ඉහළ ගොස් ඇත.
ඊයේ (17) වනවිට ලොව සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 255,732,504 තෙක් ඉහළ ගියේය. සමස්ත මරණ වාර්තා වූයේ 5,138,953 ක් ලෙසය. සුවය ලැබූ ගණන 231,147,585 කි. තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ ඉන්දියාව පසුවුවත්, මරණ අතින් ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. මරණ අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවන්නේ මහා බ්‍රිතාන්‍යය සහ රුසියාවය.
මේ වනවිට යුරෝපයට අයත් රාජ්‍යයක් වන ජර්මනිය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටිනවා යැයි එරට චාන්සල්වරිය ඇන්ජෙලා මර්කන් පවසා ඇත. චාන්සල්වරිය මෙසේ පැවැසුවේ සෞඛ්‍ය අංශ ලබා දුන් වාර්තා ජනතාවට ඉදිරිපත් කරමිනි.
(රොයිටර්)