චීනයේ, ජියැංෂු පළාතේ නැංජියැන් නගරයෙන් ව්‍යාප්තවීමට පටන් ගත් 'කොවිඩ් 19 ඩෙල්ටා විකෘතිය' මේ වනවිට චීනයේ පළාත් රැසකට ව්‍යාප්තවී ඇති බවත් ජූලි මාසයේ පමණක් නව ආසාදිතයන් 328 දෙනකු වාර්තා වී ඇති බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
මෙම 2021 වසරේ ජනවාරියේ සිට ජූනි තෙක් මාස 6 කාලයේදීවත් එතරම් කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා නොවන බව ද චීන සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
පළමුවෙන්, චීනයේ නැංජියැන් නගරයේ 'ඩෙල්ටා' ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම සිදුවූයේ නැංජියැන් ගුවන් තොටුපොළේ පිරිසුදු කිරීමේ සේවිකාවන් 9 දෙනකි.
එම නව දෙනාගෙන් ආරම්භ වුණු 'ඩෙල්ටා' පොකුර නගරය පුරා වේගයෙන් පැතිරීමට පටන්ගත් අතර, සෙසු පළාත් සහ නගරවලට ද දැන් එය පැතිර යමින් තිබේ. පළමු 'ඩෙල්ටා' ආසාදිතයන් නැංජියැන් නගරයෙන් වාර්තා වූයේ ජූලි 20 වැනිදාය.
නැංජියැන් නගරයේ මිලියන 9.2 ක ජනගහනයක් වාසය කරන අතර, ඔවුන් සියලු දෙනා මේ වනවිට දෙවරක් පී.සී.අර්. පරීක්ෂණවලට ලක් කර, ආසාදිතයන් හඳුනා ගැනීම සිදු කළේ යැයි නැංජියැන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
(රොයිටර්)