’මොඩර්නා’ එන්නත හදිසි භාවිතයට


ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති 'මොඩර්නා' එන්නත හදිසි භාවිතයට යොදා ගැනීමට කෙරෙහි ලෝක සෞඛය සංවිධානයේ අවධානය යොමු වී ඇත.

පසුගිය ජනවාරියේ සිට මේ දක්වා ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට ලබා දී ඇත්තේ මෙම 'මාඩර්නා' එන්නතය. ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් පවා ලබා ගෙන ඇත්තේ මෙම එන්නතය. මෙය මාත්‍රා දෙකකින් සමන්විත වෙයි.

ඊට අමතරව, විදේශවල ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට ලබා දී ඇත්තේ ද මෙම 'මොඩර්නා' එන්නතය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමැතිය ලබා දී ඇත්තේ එන්නත් දෙකකට පමණි. එම එන්නත් වන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සඳහා පමණි.

විශේෂඥ කමිටුවක් 'මොඩර්නා' එන්නත හදිසි භාවිතයට සුදුසුදැයි යන්න විමසීමකට ලක් කරන බවත් අද හෙට ම එන්නතට අනුමැතිය ලැබෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසා තිබේ.

(රොයිටර්)