’ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිවි’


ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිනු ඇතැයි ජනපතිවරයා කියයි.

ලබන වසරේ මැද භාගය තෙක් කොරෝනා වෛරසය සමඟ සටන් කිරීමට සිදුවනු ඇතැයි ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා පවසයි.

එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවීම හමුවේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඊයේ එරටින් 40,000 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 298 කි.

යුරෝපා කලාපයේ ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළ යාම වෛරසයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා යටපත් වීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව එම සංවිධානය පෙන්වා දුන්නේය.

ගතවූ දින දහයේ යුරෝපයෙන් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වී තිබේ.

යුරෝපා කලාපයෙන් මේ වන විට ලක්ෂ 78 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 247,000 කට අධිකය.


(බීබීසී ඇසුරෙනි)

-226-