IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට


චාමර සම්පත්


ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩි වෙනවිට මැතිවරණය පැවැත්වීම සඳහා වෙන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බව  “ඉරිදා ලංකාදීප”ය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

සැබෑ මතවාදයක් සහිතව එම මතවාදය ජනතාව අතරට ගෙනයාමේ අරමුණ ඇතිව සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදීව අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් එය කිසිදු ගැටලු‍වක් නොවන බවත්, ගැටලු‍ව වන්නේ එසේ සිදුනොවීම බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ලැබෙන වරප්‍රසාද (ගුවන්විදුලි රූපවාහිනි අවකාශය, ඡන්ද පොළ නියෝජිතයන්  භාවිත කරමින් තවත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට බොහෝවිට කටයුතු කර ඇති බව අතීත සිදුවීම්වලින් මනාව පිළිබිඹු වන බවත්, කෙසේ හෝ ජනතා මුදල් විනාශ කිරීමක් බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය. පසුගිය 2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දය සලකුණු කිරීමේ පත්‍රිකාව අඟල් 26 ක දිගින් යුතුව මුද්‍රණය කිරීමට සිදුවිය. රජයේ මුද්‍රණාලයේ මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැක්කේ උපරිම දිග ප්‍රමාණය අඟල් විසිහත හමාරක් බවත් අපේක්ෂකයන් මෙම ප්‍රමාණයටත් වඩා වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව වෙනස් කර මුද්‍රණය කිරීමට සිදුවන බවත් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

එවිට මුද්‍රණ වියදම්, ඡන්ද පෙට්ටි ඇතුළු සියලු‍ වියදම් වැඩිවන බැවින් අපේක්ෂකයන් වැඩි​ ෙවනවිට මැතිවරණ වියදම් වැල්‌ පොලී ක්‍රමයට ඉහළ යන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙහිදී වැඩිම වියදම් ඇත්තේ තැපල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලය හා සම්බන්ධව බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම මීට දින කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවේ පැවති වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි. 

”‍ජනාධිපතිවරණයේ ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් නීතියක් වුණේ නැහැ. අපේක්ෂකයො වැඩිවීම හොඳයි. ඡන්ද පත්‍රිකාව දිගුවන සෑම අඟල් භාගයකටම වැල් පොලී ක්‍රමයට තමයි වියදම වැඩිවෙන්නේ. මුල දෙදෙනා හැර අනෙක් අය ඇප බේරාගෙන නැහැ. ඉදිරිපත් වෙන බොහෝ දෙනා තවත් අයෙක් නියෝජනය කරන්නේ. තමන්ගේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තරග කරනවා නම් කමක් නැහැ. ස්වාධීන කණ්ඩායමක් සඳහා රුපියල් ලක්ෂ 31ක්. ඉන් ලක්ෂයක් නැවත නොදෙන තැන්පතු. පක්ෂයක් සම්බන්ධයෙන් ලක්ෂ 25ක්. මෙවර මැතිවරණයට පෙර සම්මත කර දෙන්න.”‍ යනුවෙන් ද හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාවේ 2019 වාර්ෂික වාර්තාව අනුව 2019 නොවැම්බර් 16 දා පැවති ජනාධිපතිවරණය සඳහා රුපියල් මිලියන 3217 ක් වැයවී තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක් අයවැය මගින් වෙන්කර ඇත. ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ඇප මුදල් තැන්පත් කිරීමේදී අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26දා) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය. ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට

ඔබේ අදහස් එවන්න

පුවත්

ජාතික ලැයිස්තුව පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 14 95 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු
2024 ඔක්තෝබර් මස 14 56 0

රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්‍රමාණය සොයා ගැනීමට සමීක්


වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 14 15 0

දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා දක්වා වැසි සහිත කාලගුණය පවතින බව කාලගු


නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්
2024 ඔක්තෝබර් මස 14 21 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභ


ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමෙන් ගැටලු රැසක්
2024 ඔක්තෝබර් මස 14 42 0

දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක


ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ
2024 ඔක්තෝබර් මස 07 141 0

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 619 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site