ලුසිත ජයමාන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, සිව් වසරක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේය.
ඒ අනුව, මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.
එම එක්සත් ජනපද ඩොලර් මිලියන 344 ක් සමඟ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇතැයි ද පැවැසෙයි.
විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කොළඹදී සහ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී යැයි අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කළ එවාන් පැපයෝරියෝ මහතා පැහැදිලි කර ඇත.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් මාස 48 ක දීර්ඝ කළ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය සඳහා එකඟතාවක් ඇති කර ගත්තා.” යැයි පැපයෝරියෝ මහතා අවධාරණය කර ඇත.
“සමස්තයක් ලෙස වැඩසටහනේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. අපේක්ෂා කළ පරිදි රාජ්‍ය ආදායම් බලමුළු ගැන්වීම, විදේශ සංචිත රුස්කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට යන බව පැහැදිලියි. ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු ද මේ වන විට ආසන්න වශයෙන් අවසන් අදියරේ පවතිනවා. වැදගත්ම කරැණ වන්නේ ශ්‍රී ලංකා රජය වැඩසටහනේ අරමුණු සඳහා අඛණ්ඩව කැපවී සිටීමයි. ” යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත්, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතතාව ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු අවදානම් තත්වයක් මතු කරන බවත්. ශ්‍රී ලංකා බලධාරීන් විසින් එම බලපෑම තක්සේරැ කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ රාමුව තුළ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සකස් කරනු ඇති බවත් තමන්ගේ විශ්වාසය යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව
මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භ
මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාව
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයි.එම්.එෆ්. එකඟතාව අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344ක්