IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


අලි මංකඩවල් 12ක් අල්ලාගෙන අලින්ට විරෝධතා දැක්වීම වැරදියි - පරිසර යුක්ති කේන්ද්‍රය

ඉන්දික හේවාවිතාරණ
වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. අලිඇතුන් රක්ෂිත ප්‍රදේශ අතර ගමන් කරන්නේ අලි මංකඩවල් හරහා බවත් ඒවා අවහිර වීම නිසා අලිඇතුන් ගම්වැදීම සිදුවන බවත් එම සංගමයේ සභාපති හේමන්ත විතානගේ සඳහන් කළේය.

ගෙවීගිය වසර කිහිපය සැලකීමේදී වසරකට හෙක්ටයාර් 8,000කට ආසන්න කැලෑ භූමි හෙළිපෙහෙළි කර  විවිධ වගා හෝ අවිධිමත්  සංවර්ධන කටයුතු සිදුකර තිබෙන බවද ඔහු පැවසීය.
වන සතුන්ට ආහාර සොයා ගැනීමේ ගැටලු‍වක් ඇති වී තිබෙන නිසා වගා බිම්වලට වැඩිවශයෙන් වන සතුන් පැමිණෙන බවද හෙතෙම පැවසීය. බොහෝ වගා ප්‍රදේශවලට අලි ඇතුන් ඇතුළු වනසතුන් පැමිණෙන බවට ඇතැම් පිරිස් චෝදනා කළත් සැබෑ ලෙසම සිදුවී තිබෙන්නේ අලිඇතුන් ඇතුළු වනසතුන් තමන්ගේ භූමිවල ජිවත් වීම බව ඔහු සඳහන් කළේය. 
වගාවන්ට හානි කරන වන සතුන්  පලවා හැරීමට බව පවසමින් ඇතැම් ප්‍රදේශවල නීති විරෝධී ආකාරයට වන සතුන් පලවා හැරීම් කරන බවත් මෙම ක්‍රියා නවතා දැමීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවත් හේමන්ත විතානගේ පැවසීය.
ඔහු වැඩි දුරටත් මෙසේද කීය. 
“වන සතුන් වෙනත් ස්ථානවලට රැගෙන යනවා නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. අලි පන්නා දැමීමට කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් අලි පන්නා දමනවා. 
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අලි ඇතුන් වෙනුවෙන් හෙක්ටයාර් තිස් දහසක් වෙන් කළ යුතු වුවත් එම භූමියට ඉඩම් ප්‍රමාණය ගැසට් කිරීමේදී අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළත් කර තිබෙන්නේ හෙක්ටයාර්  23,746 ක ප්‍රමාණයක්.
එසේ සිදුකර හම්බන්තොට අලි ඇතුන්ගෙන් කරදර තිබෙන බව පවසා උඩවලවට අලි ඇතුන් පන්නා දැමීමට යෝජනා කරන අය ඉන්නවා. එහෙත් නවීන තාක්ෂණික ක්‍රමවලට අනුව කුඩා ඉඩක් තුළ වැඩි දියුණු කළ  බීජ වගා කර විශාල අස්වැන්නක් ලබා ගත හැකියි. 
එසේ වගා කටයුතු කළ හොත් වන සතුන්ගෙන් සිදුවන හානි අඩු වෙනවා. වන සතුන්ට ජිවත්වීම සඳහා භූමි ඉතිරිවනවා.”

 



අදහස් (0)

අලි මංකඩවල් 12ක් අල්ලාගෙන අලින්ට විරෝධතා දැක්වීම වැරදියි - පරිසර යුක්ති කේන්ද්‍රය

ඔබේ අදහස් එවන්න

පුවත්

වෙබ් අඩවිය සෝදිසියට සී.අයි.ඩි.ය මැතිසබයට
2024 දෙසැම්බර් මස 23 37 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු නිලධා


“ඥ” අකුර දැන්වත් හෝඩියට ඇතුළත් කළ යුතුයි ඏ/ඐ අකුරු හෝඩියෙන් ඉවත් කරන්න - සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක
2024 දෙසැම්බර් මස 23 69 0

වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහ


යාචකයන් හා නිවෙස් අහිමි ජනයා ගැන සංගණනය අවසන්
2024 දෙසැම්බර් මස 23 19 0

මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන හා නිවාස සංගණනයේ ක


අලි මංකඩවල් 12ක් අල්ලාගෙන අලින්ට විරෝධතා දැක්වීම වැරදියි - පරිසර යුක්ති කේන්ද්‍රය
2024 දෙසැම්බර් මස 23 18 0

වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යු


හිටපු ඇමතිවරුන් 66 වාරයක් ගුවනින් ගිහින් වියදම රජයෙන්
2024 දෙසැම්බර් මස 23 55 0

හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගු


2019 න් පසු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කරයි
2024 දෙසැම්බර් මස 23 23 0

වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව සියයට 5.5ක ධනාත්මක අග


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 133 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 115 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 84 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site