උපුල් වික්‍රමසිංහ
ආදි ශිෂ්‍ය සංගම්වලට පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර තිබුණ ද ඇතැම් පාසල්වල පවත්වනු ලබන ආගමික උත්සව, පාගමන්, පොළ ආදී විවධ උත්සව වෙනුවෙන් එම සංගම් හා පාසල් මට්ටමින් පිහිටුවා ඇති නොයෙක් සංගම් මුදල් එකතු කරන සිදුවීම් නිතර වාර්තා වෙන බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ, ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්, දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළු කිරීම සඳහා එම සංගම්වල ගිණුම්වලට මුදල් බැර කරන ලෙසත්, මුදල් ගෙවා ආදි ශිෂ්‍ය සංගම්වල සාමාජිකත්වය ලබා ගන්නා ලෙසත් මවුපියන්ට දැනුම් දෙන බවය. මේ තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල වැඩි වශයෙන් දැක ගන්නට ලැබෙන බව ද ඔහු කීවේය.
මේ අතර, සමහර පාසල් උත්සව වෙනුවෙන් ඒවායෙහි ඇති ශාලා පහසුකම් යොදා ගන්නවා වෙනුවට, ඉතා ඉහළ මුදලක් වැය කරමින් කොළඹ නෙළුම් පොකුණ රඟහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ආදී ස්ථාන යොදා ගන්නා බවත්, ඒවායෙහි පැවැත්වෙන උත්සව නැරඹීමට දරුවන්ගේ මවුපියන්ට වැඩි මුදලක් වැය කර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සිදු වෙන බවත් කී හෙතෙම, මවුපියන්ට අධික බරක් පැටවෙන මෙවැනි ක්‍රියාකාරකම් පාසල් පද්ධතියෙන් තුරන් කිරීමට පියවර ගත යුතු බව ද අවධාරණය කළේ ය.
අප මේ සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින
ආදි ශිෂ්‍ය සංගම්වලට පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර තිබුණ ද ඇතැම් පාසල්වල පවත්වනු ලබන ආගමික උත්සව, පාගමන්, පොළ ආදී විවධ උත්සව ව
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ආදී සිසු සංගම් තවමත් මුදල් එකතු කරනවා - ලංකා ගුරු සංගමය