උපුල් වික්‍රමසිංහ
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසුවේ දැනට පවතින රජයේ ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරය වසර 35 ක් පමණ පැරණි යාවත්කාලීන නොවූ එකක් බැවින් එහි ධාරිතාව ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අසමත් බවය.
ඖෂධයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කිරීම, වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර පරීක්ෂා කිරීම, වෙළෙඳපොළට නිකුත් කළ පසු වෙළෙඳපොළෙන් හා රෝහල්වලින් අහඹු ලෙස ගෙන ඒවා පරීක්ෂා කිරීම සහ ඖෂධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂා කිරීම යන අවස්ථා මත මෙම පරීක්ෂණාගාරයෙන් ඖෂධ පරීක්ෂා කළ යුතු වුවත් ලැබෙන පැමිණිලි මත කෙරෙන පරීක්ෂා කිරීම් හැර අන් අවස්ථාවලදී පරීක්ෂා කිරීම් බහුල ලෙස සිදු නොවෙන බව ද වෛද්‍යවරයා හෙළි කළේ ය. අහඹු ඖෂධ පරීක්ෂා කිරීම් නිතර සිදු නොවන බව ද හෙතෙම අනාවරණය කළේ ය.
දැනට තිබෙන රසායනාගාරයෙහි ධාරිතාව ප්‍රමාණවත් නොවෙන හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල ජාත්‍යන්තර මට්ටමේ අලුත් ඖෂධ තත්ත්ව රසායනාගාරයක් ඉදි කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ඇති බවත් හෙතෙම සිහිපත් කළේ ය.
මේ අතර ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන්නේ දේශීය ඖෂධ කර්මාන්තශාලා සතුව ඖෂධ තත්ත්ව පාලන රසායනාගාර පහසුකම් තිබෙන හෙයින් එම ඖෂධ පරීක්ෂාවලට ලක් වුව ද රජයේ ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවෙන බවය.
අප මේ පිළිබඳ රජයේ ස්ථාවරය විමසීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි