IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආපදා මරණ 24 යි 259,990ක් දෙනා පීඩාවට

නිමල කොඩිතුවක්කු


ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 24 දක්වා වැඩිවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්ද, කළුතර  දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 04ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 02 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද වශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු  අතුරුදන් වී ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වයෙන් මේ වෙනවිට  දිස්ත්‍රික්ක 13 ක පවුල් 68857 කට අයත් පුද්ගලයන් 259990 ක් පීඩාවට පත්ව සිටිති.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 5247කට අර්ධ හානි සිදුව තවත් නිවාස 52කට පූර්ණ හානි සිදුව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙයට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 998 ක් සහ  වෙනත් ස්ථාන හයකට හානි සිදුව ඇති බවත් වාර්තා වේ.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු සහ ගං වතුර ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ආරක්ෂිත ස්ථාන 139ක පවුල් 2310 කට අයත් 9695 ක් දැනට රඳවා තබා ඇතැයිද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 15643 කට අයත් 62655 ක පිරිසක් පීඩාවට පත්ව සිටිති. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 13899 කට අයත් 52490 දෙනකුද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 672 කට අයත් 2974ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 432 කට අයත් 946 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15418 කට අයත් 56281 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 7553 කට අයත් 27887දෙනෙකුද, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 109කට අයත් 448 දෙනකුද පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙයට අමතරව,  ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 5714කට අයත් 21496ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 8796කට අයත් 32552ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 255 කට අයත් පුද්ගලයන් 927ක්,  කුරුණෑගල  දිස්ත්‍රික්කයේ පවුල් 133කට අයත් පුද්ගලයන් 499ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21 කට අයත් පුද්ගලයන් 76ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 212කට අයත්  පුද්ගලයන් 759ක්  ආදී වශයෙන්  පීඩාවට පත්ව සිටිති.
සමස්ත ආපදා තත්ත්වය දිවයිනේ  දිස්ත්‍රික්ක 23 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 251 කට බලපා ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
සහන මධ්‍යස්ථානවල සහ අවතැන්ව නිවෙස්වල සිටින ජනතාව සඳහා ආහාරපාන ඇතුළු අවශ්‍යතා සැපයීම රජයේ මැදිහත්වීමෙන් සිදුකළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. අවශ්‍ය සහන සැලසීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සියලු‍ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මැදිහත්වීමෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
යුද්ධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහායෙන් පුද්ගලයන් මුදා ගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු සිදුකරන බවද ඔහු කීවේය.
දැනට සහන මධ්‍යස්ථානවල සිටින සියලු‍ම පුද්ගලයන් වෙත පිසූ ආහාර වේලක්, තුන් වේලටම ලබාදීමට කටයුතු කරගෙන යන බවත්,  මෙයට අමතරව නිවෙස්වල සිටින පිරිස් සඳහා ද ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  ලබාදෙන බවත් ඔහු  පැවසීය.
ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම සහන මධ්‍යස්ථාන භාරව කටයුතු කරන බවද, ලැබෙන තොරතුරු සහ අවශ්‍යතාව අනුව බෝට්ටු, බෆල් සහ බෝට්ටු යාමට අපහසු ස්ථාන සඳහා පාරු, ඔරු ආදී පහසුකම් අවශ්‍යතාව පරිදි  ත්‍රිවිධ හමුදාවෙන් සපයා ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
දැනට අවශ්‍ය සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 122ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදී ඇතැයිද අවශ්‍යතාව පරිදි සහන සැලසීම සඳහා මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට කටයුතු කරමින් යන බවද ඔහු කියා සිටියේය.
මේ අතර දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව ගංවතුර ක්‍රමයෙන් බැසයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු‍ ඔයේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර මට්ටම බැස ගියත් තවමත් බොහෝ ප්‍රදේශවල ගංවතුර පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසීය.
ගංවතුර ගැලීම තරම් වේගයෙන් බැසයාම සිදු නොවන බැවින් එම ප්‍රදේශවල පහත් බිම්හි සිටින ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.
ගංගා ද්‍රොණි ආශ්‍රිත පහළ ප්‍රදේශවල ඉහළ ජල මට්ටමක් පැවතියත් ගංවතුර අඩුවෙන දිශාවට ගමන් කරමින් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීවේය. ඉදිරියේදී වර්ෂාව තදින් ඇති වුවහොත් පමණක් ගංගා සහ ඇළදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය.
දිවයිනේ ප්‍රධාන ගංගා සහ  අතුගංගා ආදියේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමක පවතින බැවින් ඒවායේ ගමන් කිරීමෙන්, ඔරු පැදීමෙන් සහ දිය නෑමෙන් වැළකී සිටිය යුතු බවත් සුගීෂ්වර මහතා තවදුරටත් කීවේය.
මේ අතර දැනට පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සැප්තැම්බර් මාසය පමණ වෙන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළ යළි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත-මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
එවැනි තද වැසි ඇතිවෙන්නේ නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් ඇතිව අවදානම් නිවේදන නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදී පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක අඩු වීමක් පෙන්නුම් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් කීවේය.
මේ අතර ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට පැමිණීමෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පැවසීය.
ආපදා නිරීක්ෂණයට පැමිණීම, එහි ක්‍රීඩා කිරීම හා විනෝද වීම ආපදා මරණ සහ අනතුරු ඉහළ යාමේ හේතුවක් වී ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.

 

 



අදහස් (0)

ආපදා මරණ 24 යි 259,990ක් දෙනා පීඩාවට

ඔබේ අදහස් එවන්න

පුවත්

උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ
2024 අගෝස්තු මස 31 82 0

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වි


චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි
2024 අගෝස්තු මස 31 139 0

තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ට


සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්
2024 අගෝස්තු මස 31 34 0

සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ


අනුරට සියයට 60 ක් - ටිල්වින්
2024 අගෝස්තු මස 31 43 0

ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජයගනු ඇත්තේ සීයට හැටක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබමින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා


රනිල්ට සියයට 51 ක් තියනවා - වජිර
2024 අගෝස්තු මස 31 61 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ගන්නා ඡන්ද ප්‍රතිශතය මේ වෙනවිට සියයට51 ඉක්මවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර


2024 ජනපති වරණය විදෙස් මාධ්‍යවේදීන්ට වීසා ගැටලුව හරස් වෙයි
2024 අගෝස්තු මස 31 42 0

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන විදේශ මාධ්‍යවේදීන්ට පවතින වීසා නිකුත් කිරීමේ ගැටලුව හේත


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site