උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබන තීරු බදු සියයට 44 දක්වා වැඩි කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයත් සමග මෙරටින් ඇමෙරිකානු වෙළෙඳපොළට අපනයනය කරන ඇඟලුම්වල මිල ගණන් සියයට 54 කින් පමණ ඉහළ ගොස් ඒවායෙහි අලෙවිය පහත වැටිය හැකි යැයි ද එහි ප්‍රතිඵලයක් ලෙස ඇඟලුම් අපනයන ආදායම් අඩු විය හැකි යැයි ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.
එම සංසදයේ උපසභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු ඉරිදා ලංකාදීපය වෙත ප්‍රකාශ කළේ මේ තීරු බදු හේතුවෙන් මෙරට ඇඟලුම් කර්මාන්තයට දැඩි අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි. පවතින තත්ත්වය හමුවේ ඇමෙරිකාවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩ මත පනවා ඇති තීරු බදු ප්‍රතිශත අඩු නොකළ හොත් හෝ ගෙන්වන භාණ්ඩ ප්‍රමාණය වැඩි නොකළ හොත් හෝ ඇමෙරිකාවේ ඇඟලුම් ගැනුම්කරුවන් ලංකාවේ ඇඟලුම් සැපයුම්කරුවන් අතහැර වෙනත් රටවල සැපයුම්කරුවන් ගෙන් සේවා ලබා ගැනීමට වැඩි ඉඩක් පවතින බව ඔහු පැවසී ය.
වෙනත් රටවලින් ඇඟලුම් අපනයනය කිරීමේ ආර්ථික හැකියාවක් පවතින්නේ ඇමෙරිකාවට හා යුරෝපා සංගමයේ රටවලට පමණක් බැවින් මේ දක්වා මෙරට නිෂ්පාදිත ඇඟලුම් එම රටවලට පමණක් යැවූ බව කී ඔහු උද්ගතව ඇති තත්ත්වය හමුවේ අලුත් වෙළෙඳපොළවල් සොයා ගැනීමට නම් රජයේ මැදිහත්වීම අවශ්‍ය බව ද අවධාරණය කළේ ය.
ඇඟලුම් පරිභෝජනය අතින් ලොව දෙවැනි හා තෙවැනි ස්ථානවල පිළිවෙළින් චීනය සහ ඉන්දියාව පසුවන බවත් ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, බ්‍රසීලය, රුසියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවලට මෙරට නිෂ්පාදිත ඇඟලුම් අපනයනය කිරීමේ හැකියාව පවතින බවත් කී උපසභාපතිවරයා මේ වෙළෙඳපොළවල් ආක්‍රමණය කිරීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් සඳහන් කළේ ය.
යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලැබුණ ද මෙරට නිෂ්පාදිත ඇඟලුම් වෙනුවෙන් භාවිත වන්නේ එයින් සියයට 50-55 ත් අතර ප්‍රතිශතයක් පමණක් බව කී ඔහු එම සංගමයේ රටවල් 28 ක් තිබුණ ද රටවල් 4 ක් හෝ 5 ක් වැනි සුළු ප්‍රමාණයකට පමණක් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය කෙරෙන බව ද හෙළි කළේ ය.
වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්
කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප
බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන්
ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා ත
පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඇඟළුම් ආදායම් පහතට