IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


ඇමැති බංගලා කුලියට දෙන්නැයි ආයතන රැසකින් ඉල්ලීම්

සුජිත් හේවාජුලිගේ

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක්  තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. තානාපති කාර්යාල, විවිධ අමාත්‍යාංශ සහ ආයතන, විශ්වවිද්‍යාල මේ අතර වන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්ව විද්‍යාල එම ඇමති නිවාස ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාර පවත්වාගෙන යෑමටය. මෙයට අමතරව විනිසුරුවරුන් කිහිප දෙනෙකු ද තමන්ට එම ඇමති  නිල නිවාස දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම ඇමති නිල නිවාස ආර්ථික වශයෙන් ඵලදායී වැඩපිළිවෙළකට යොදාගන්නා ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත. එම කමිටු වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.

වර්තමාන රජයේ ඇමතිවරුන් ඇමැති බංගලා භාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. කොළඹ පිහිටි ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.

මෙම ඇමති බංගලා කාලයක් තිස්සේ වසා දැමීම හේතුවෙන් කැලෑ වැදී වල් බිහි වී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මුදල් ගැටලු‍ හේතුවෙන් ඇමැති බංගලා අලු‍ත් වැඩියා කිරීම දුෂ්කර වී ඇති බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (0)

ඇමැති බංගලා කුලියට දෙන්නැයි ආයතන රැසකින් ඉල්ලීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පසුගිය වසරේ ක්ෂය රෝගය වැළඳුණු ළමයින් 250ක් - වැඩි පිරිසක් කොළඹින්
2025 මාර්තු මස 29 17 0

පසුගිය වර්ෂයේ දී මෙරටින් ක්ෂය රෝගය වැළඳුණු 250ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් ඉන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යා


දේශබන්දුගේ ඉරණම අලුත් අවුරුද්දෙන් පසු විසඳෙයි
2025 මාර්තු මස 29 24 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට සිංහල අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


මන්ත්‍රී රක්ෂණය අහෝසි කරන්න - රවි කරුණානායකගෙන් යෝජනාවක්
2025 මාර්තු මස 29 16 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රක්ෂණය අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තම අස්සන


ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීම මාස හයකින්
2025 මාර්තු මස 29 26 0

සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික හැඳුනුම්පත් ඇති සියලු දෙනාට ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම සඳහා ලියපදිංචි ව


ඇමැති බංගලා කුලියට දෙන්නැයි ආයතන රැසකින් ඉල්ලීම්
2025 මාර්තු මස 29 28 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් ර


තායිලන්තය, මියන්මාරය හෙල්ලෙයි...
2025 මාර්තු මස 29 34 0

පසුගිය සිකුරාදා (28 දා) දහවල් 12.50ට පමණ මියන්මාරයේ සගායිං ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපාංක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් විශාල ජීවිත හා දේපළ සංඛ්‍යාවක් විනාශ වූ අ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 53 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 675 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 748 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site