IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු සේවක හිගයක්

ඉන්දික හේවාවිතාරණ
ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කම්කරුවන් සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් රටවලට යෑම සහ පෞද්ගලික ආරක්ෂක සේවය ඇතුළු වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි පුහුණු ශ්‍රමිකයන් නොමැති වීමේ ගැටලු‍වකට මුහුණ දීමට සිදුවන බව ජාතික ඉදිකිරිම් සේවක සංගමය සඳහන් කරයි. 

කොවිඩ් අර්බුදය පැමිණිමට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි පෙදරේරුවන්, වඩු බාස්වරුන්, තීන්ත අලේප කරන පිරිස් විදුලි කාර්මිකයන් හා ටයිල් බාස්වරුන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ පුහුණු සේවකයන්  ලක්ෂ හතක් පමණ රට තුළ සිටි බවද එම සංගමයේ සභාපති එස්. එම්. ජනේන්ද්‍රසිංහ සඳහන් කළේය. මෙම ක්ෂේත්‍රයේ පවතින අවනිශ්චිතතාව නිසා දැනට මාසික වැටුප් ලබන ක්ෂේත්‍රවල සිටින පිරිස් නැවත ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණීමේ උනන්දුවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය. මේ නිසා ඉදිරියේදී රජයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන වැඩපිළිවෙළ යටතේ අලු‍තින් ඉදිකිරීම් සිදුකිරීමට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි අලු‍ත් වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බව සභාපතිවරයා පැවසීය.
අලු‍ත්වැඩියා කටයුතු සඳහා සැලකිය යුතු සේවක පිරිසක් යොදා ගත හැකි බවද අඩු පිරිවැයකින් විශාල වැඩ කොටසක් සිදු කළ හැකි බවද ඒ මහතා පැවසීය. මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව පුහුණු සේවකයන් සිටින්නේ ලක්ෂ දෙකත් තුනත් අතර ප්‍රමාණයක් බවත් ගෙවීගිය මස 06 ක පමණ කාලයක සිට ඉදිකිරීම් ක්ෂේත්‍රය යම් මට්මින් දියුණුවෙමින් තිබෙන බවත් හෙතෙම පැවසීය.
මීට පෙර පෙදරේරුවකු යටතේ යම් පිරිසක් පුහුණුව ලබාගත්තත්  මේ වන විට පුහුණු කටයුතු සඳහාද පිරිස් නොමැති වෙමින් තිබෙන නිසා  ඉදිකිරීම් ක්ෂේත්‍රය ස්ථිර රැකියා සිදුකිරීමට හැකි කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ වගකීමක් බව සංගමයේ සභාපති එස්. එම්. ජනේන්ද්‍රසිංහ පවසා සිටියේය.



අදහස් (0)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු සේවක හිගයක්

ඔබේ අදහස් එවන්න

පුවත්

පක්ෂ කිහිපයක ඉහළ තනතුරු වෙනුවෙන් රහස් සාකච්චා
2024 ඔක්තෝබර් මස 21 50 0

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසු


ලංකාවේ බඩගින්න වැඩි වෙලා ලෝක ආහාර වැඩසටහන කියයි
2024 ඔක්තෝබර් මස 21 24 0

ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස (ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වෙන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත


මහර රැඳවියන් ඝාතන නඩුව: නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සදහා අධිකරණයේ පෙනී සිටින්නැයි රහස් පොලිසියට නියෝග
2024 ඔක්තෝබර් මස 21 14 0

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවකදී වෙඩි තබා 11 දෙනෙකුගේ මරණ සිදුකිරීමේ සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නොවැ. 22 වැනිදා අ


බාල පොල් තෙල් ගෙන්වීමට ඉඩක් නැහැ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
2024 ඔක්තෝබර් මස 21 14 0

ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව ආරක්ෂක අංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා වයි. ඩී. එන්.


මැතිවරණ ප්‍රචාරණය සඳහා සජබෙන් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 21 16 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිර


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු සේවක හිගයක්
2024 ඔක්තෝබර් මස 21 10 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කම්කරුවන් සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් රටවලට යෑම සහ පෞද්ගලික ආරක්ෂක සේවය ඇතුළු වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site