IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


උසස් පෙළ විභාගය හෙට සිට

ඉන්දික හේවාවිතාරණ
උසස් පෙළ විභාගය හෙට (25දා) සිට ලබන මස 20 වැනි දා දක්වා විභාග මධ්‍යස්ථාන 2312 කදී පැවැත් වේ. 
විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකතන, අත්ඔරලෝසු හා විද්‍යුත් උපකරණ රැගෙන ඒම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවැනි වරදක් සිදු කළ හොත් වසර 05 ක් යන තුරු විභාග තහනම් කිරීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන වෙලාවට මිනිත්තු 30 කටවත් පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස ඉල්ලා සිටින ඔහු ප්‍රවේශ පත්‍රය හා හැඳුනුම්පත අනිවාර්‌යයෙන් රැගෙන ආ යුතු බව පැවසීය. යම් සිසු  දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020 / 0113 668100 / 0113668013 / 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911  යන දුරකථන අංකයට දන්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 
ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර උසස් පෙළ විභාගය පවත්වා ගෙනයාම සඳහා අවධානය යොමු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 333,185 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. අයැදුම්කරුවන් 253,390ක් පාසල් සිසුන් වන අතර පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ගණන 79,795කි. හෙට දින සිට ආරම්භ වන උසස් පෙළ විභාගයට අදාළ සියලු‍ ප්‍රවර්ධන කටයුතු මේ මස 19 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ නීති උල්ලංඝනය කරන  පුද්ගලයන් හෝ ආයතන තිබෙනවා නම් ඒ පිළිබඳව  0112421111 හෝ 119 අංක මගින් පොලිසියට දැනුම් දෙන ලෙසත් මීට අමතරව 1911 හෝ 0112784208, 0112784537දුරකතන අංක මගින්  විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

උසස් පෙළ විභාගය හෙට සිට

ඔබේ අදහස් එවන්න

පුවත්

අනිවාර්‍යයෙන් හාල් පිට රටින් ගේනවා කෘෂි කර්ම ඇමති ලාල් කාන්ත
2024 නොවැම්බර් මස 24 29 0

වෙළෙඳපොළේ නාඩු හිඟයක් පවතින හෙයින් එයට කඩිනම් විසඳුමක් ලෙස නාඩු හාල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉදිරියේදී ඉන්දියාවෙන් අනිවාර්යයෙන් මෙරටට ආනයනය කරන බව කෘෂි


අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප ඉවත් කරන්නැයි පැමිණිලි 1140ක්
2024 නොවැම්බර් මස 24 21 0

වෙබ් අඩවිවල පළ කර ඇති සහ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙන අසභ්‍ය වීඩියෝ, සංවේදී හා සරාගී ඡායාරූප ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් මෙම වසරේ මේ දක්වා කාලයේදී පැමිණිලි


රටවිරු විදුලි වාහන ගැන විගණනයෙන් සැර වාර්තාවක්
2024 නොවැම්බර් මස 24 18 0

විදෙස්ගත ශ්‍රමිකයන්ට (රටවිරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ ව


ඇස් රෝහලේ අක්ෂි කාච හිඟයෙන් රෝගීන්ට දැඩි දුෂ්කරතා
2024 නොවැම්බර් මස 24 6 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ පවතින අක්ෂි කාච හිඟය හේතුවෙන් අක්ෂි කාච බද්ධ කර ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ ද


උසස් පෙළ විභාගය හෙට සිට
2024 නොවැම්බර් මස 24 13 0

උසස් පෙළ විභාගය හෙට (25දා) සිට ලබන මස 20 වැනි දා දක්වා විභාග මධ්‍යස්ථාන 2312 කදී පැවැත් වේ.


බොහෝ ප්‍රදේශවලට තද සුළං සමග මහ වැසි
2024 නොවැම්බර් මස 24 16 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමෙන් මෙරට කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල තද වැසි ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site