ඉන්දික හේවාවිතාරණ
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ ෙවන විට ණය වින්දිතයන් බවට පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල් අමාත්‍යාංශයෙන් ද ඉල්ලා සිටින බව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම ණය ක්‍රමය යටතේ විසි අටලක්ෂ අනූදහසකට ආසන්න පිරිසක් ණය ලබාගෙන තිබෙන බවත් මෙම පිරිසෙන් අති බහුතර ප්‍රමාණයක් විවිධ හේතු නිසා වින්දිතයන් බවට පත් වී තිබෙන බවත් එම සංගමයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ සඳහන් කළාය.
මූල්‍ය ආයතන විසින් අධික පොලියක් අයකර ගැනීම, දඩ පොලී අයකර ගැනීම හා සතියකට වරක් ණය එකතු කර ගැනීම වැනි ක්‍රියා නිසා ලබාගත් මුදල මෙන් දෙගුණයක මුදලක් ගෙවා තිබෙන අවස්ථාවල පවා යම් යම් පිරිස් වින්දිතයන් බවට පත් වී තිබෙන බවද ඇය සඳහන් කළාය.
ණය ලබාගත් පිරිස් සැලකීමේ දී ලක්ෂ විසි හතරකට ආසන්න පිරිසක් කාන්තාවන් බවත්, ණය ලබා ගත් පිරිස් වින්දිතයන් බවට පත් වීමේ ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස පසුගිය ආණ්ඩුවට යෝජනාවලියක් පවා ඉදිරිපත් කළ බවත්, ඇය පවසා සිටියාය.
වින්දිතයන් බවට පත් වූ පිරිස් සඳහා කිසිදු සහනයක් ලබා දී නොමැති නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් සියලු දෙනාගේ ණය අහෝසි කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කළාය. වැඩි දුරටත් අදහස් දැක්වූ නිරෝෂා ගැරුගේ මෙසේ ද පැවසුවාය.
“ණය එකතු කිරීම සතිපතා සිදුකරන නිසා සතියක් ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකි වුවහොත්, දඩ මුදල් එකතු කර සමස්ත මුදලටම පොලී අයකර ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ සියයට හැට පහත් සියයට හැත්තෑවත්‍් අතර පොලි මුදලක් අයකර ගන්නා අවස්ථා තිබෙනවා.
මේ නිසා රුපියල් පනස් දහසක ණය මුදලක් ලබා ගන්නා ඇතැම් පිරිස් රුපියල් එක් ලක්ෂ පනස් තුන් දහසක් ගෙවා ණය ගෙවීම අවසන් කර තිබෙනවා.
දුප්පත් ජනතාවට ස්වයං රැකියාවක් කිරීමට හෝ යම් කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අඩු පොලියට ණය ලබාදෙන වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා නිවෙස්වලට පැමිණ ණය ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට පෙළඹෙනවා.
ණය ලබා ගැනීමට අදාළ අයදුම්පත් බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් පවතින නිසා ණය ලබා ගන්නා පුද්ගලයන්ට ආයතනවල පවතින ණය කොන්දේසි පිළිබඳව දැනුමක් නැහැ.
මේ නිසා මුලින්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන වින්දිතයන් බවට පත් වී සිටින සියලු දෙනා එම ආයතනවලින් ලබාගත් මුදලට අනුව පොලිය සමග ගෙවා තිබෙන වාරිකවල එකතුව පිළිබඳව ජාතික මට්ටමින් විගණයක් සිදු කළ යුතුයි.
ඉන් පසුව අසාධාරණ ලෙස ලබාගෙන තිබෙන මුදල් නැවත වින්දිතයන්ට ලබා දිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය අහෝසි කර දුප්පත් ජනතාවට ස්වයං රැකියාවක් හෝ යම් කර්මාන්තයක් ආරම්භ කිරීමට අවශ්‍ය ණය මුදල් අඩු පොලියකට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
මේ පිළිබඳව සඳහන් යෝජනාවලියක් ඉදිරි දිනවල ජනාධිපති අනුර කුමාර දිසානායකට හා මුදල් අමාත්‍යංශයට භාර දීමට කටයුතු කරනවා. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන අසාධාරණයට ලක් වූ පිරිස් අසාදුගත ලේඛනවලට ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ආයතනයකින් ණය ලබාගැනීමට පවා ඔවුන්ට නොහැකි වී තිබෙනවා.”
ශ්‍රී ලංකාව අවට සශ්‍රීක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදු කලාපයක් තිබුණ ද 2019 සිට 2024 සැප්තැම්බර් දක්වා ගත වූ අවුරුදු හයක කාලයේ දී මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයත් සංචාරක අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ H E T Colors 2024 නම් වූ හෝලි උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුපති කෝලිත බණ්ඩ
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හ
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ ෙවන විට ණය වින්දිතයන් බවට පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට වත්මන් රජයෙන් සාධාරණය ඉෂ්ට විය යුතුයි