සුජිත් හේවාජුලිගේ
විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා ඉරිදා ලංකාදීපයට පැවසීය. මෙම කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් වැය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
උදුලාගම කොමිෂන් සභා වාර්තාව, මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව, ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිෂන් සභා වාර්තාව, විජය කුමාරතුංග ඝාතන කොමිෂන් සභා වාර්තාව, ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිෂන් සභා වාර්තාව එසේ ක්‍රියාත්මක නොවුණු වාර්තා කිහිපයක් බවද මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේය.
ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවද මහාචාර්ය මහානාම හේවා පැවසීය.
පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරුණු බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මේ අනුව එම වාර්තාව පිළිබඳ පළමු විවාදය අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වීමට නියමිතය. දෙවැනි විවාදය ඊට පසු මැයි මාසයේ දිනයක පැවැත්වීමට තීරණය කර ඇත.
පසුගිය වර්ෂයේ දී මෙරටින් ක්ෂය රෝගය වැළඳුණු 250ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් ඉන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට සිංහල අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රක්ෂණය අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තම අස්සන
සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික හැඳුනුම්පත් ඇති සියලු දෙනාට ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම සඳහා ලියපදිංචි ව
ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් ර
පසුගිය සිකුරාදා (28 දා) දහවල් 12.50ට පමණ මියන්මාරයේ සගායිං ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපාංක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් විශාල ජීවිත හා දේපළ සංඛ්‍යාවක් විනාශ වූ අ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ජනපති කොමිෂන් සභා වාර්තා විස්සක් කුණු කූඩේ වැයවූ මුදල කෝටි දෙසීයයි