IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජාතික සම්මාන සහ ගෞරව නාම අවභාවිත කරන අයට වැඩ වැරදී

නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබා දීම හෝ ඒවා ලබා ගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

නිශ්චිත නිර්ණායක මත පදනම්ව, විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂ ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් පරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදා ගන්නා නාමයන් භාවිත කරමින්, විවිධ පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන සන්නස්පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.


මේ ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින්, මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂ ලාංකිකයන්හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් වෙන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා, ජාතික සම්මාන හා ගෞරව නාම වැරදි ආකාරයට භාවිත කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කරයි.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් මගින් ජාතික සම්මාන සඳහා නාමයෝජනා ලබාගැනීම සිදු කෙරෙන බව කියන අදාළ මාධ්‍ය නිවේදනය, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කරනු ලැබ ඇති, ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට සේවාවක් ඉටුකළ ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ජාතික සම්මාන පිරිනැමීම සඳහා, තේරීම් කමිටුවේ නිර්දේශ මත ජාතික සම්මාන ලබා ගැනීමට අපේක්ෂා කරන සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයැදුම්පත් කැඳවීම වෙනුවෙන් නව ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවද සඳහන් කරයි.



අදහස් (0)

ජාතික සම්මාන සහ ගෞරව නාම අවභාවිත කරන අයට වැඩ වැරදී

ඔබේ අදහස් එවන්න

පුවත්

උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ
2024 අගෝස්තු මස 31 82 0

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වි


චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි
2024 අගෝස්තු මස 31 139 0

තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ට


සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්
2024 අගෝස්තු මස 31 34 0

සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ


අනුරට සියයට 60 ක් - ටිල්වින්
2024 අගෝස්තු මස 31 43 0

ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජයගනු ඇත්තේ සීයට හැටක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබමින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා


රනිල්ට සියයට 51 ක් තියනවා - වජිර
2024 අගෝස්තු මස 31 61 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ගන්නා ඡන්ද ප්‍රතිශතය මේ වෙනවිට සියයට51 ඉක්මවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර


2024 ජනපති වරණය විදෙස් මාධ්‍යවේදීන්ට වීසා ගැටලුව හරස් වෙයි
2024 අගෝස්තු මස 31 42 0

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන විදේශ මාධ්‍යවේදීන්ට පවතින වීසා නිකුත් කිරීමේ ගැටලුව හේත


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site