IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි

තිඹිරියාගම බණ්ඩාර
පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වූවකැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ සහායද ලැබී ඇති හෙයින් ඔවුන් අමනාප කරගැනීම ඉදිරි මැතිවරණවලට බලපෑ හැකිය යන නිගමනය මීට හේතු වී ඇති බවට රජයේ පාර්ශ්වයෙන්ම චෝදනා නැගේ. මේ කරුණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ගෙන් විමසූ විට ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

”‍මේ චක්‍රලේඛය අලු‍ත් එකක් නොවේ. දැනටමත් මධ්‍යම, උතුරුමැද, සබරගමුව හා දකුණ යනා දී පළාත්වල ක්‍රියාත්මක වෙනවා. තමන් පාසලේ උගන්වන දරුවන් ටියුෂන් පන්තියට නොපැමිණීම නිසා සිසුන්ට හිරිහැර කළ ගුරුවරුන්ට දඬුවම් දී තිබෙනවා. 
ටියුෂන් මාෆියාව අපේ රටේ අධ්‍යාපනයට තර්ජනයක්. උසස් පෙළ විභාග කල්දැමීම පිටුපස ඉන්නෙත් ටියුෂන් මාෆියාවයි. ටියුෂන් නැතිව විභාග සමත් විය නොහැකිය යන භීතිය දෙමව්පිය සිත්වලට කාවද්දලා. ඒ නිසා රජය මෙය කෑල්ලෙන් කෑල්ල ක්‍රියාත්මක නොකර පොදු තීන්දුවක් ගත යුතුයි.”
ලංකා ගුරුසංගමයේ විධායක සභික අශෝක චන්ද්‍රසේකර ප්‍රකාශ කරන්නේ රටපුරා ඇති සියලු ටියුෂන් පන්ති නියාමනයකට ලක් කළ යුතු බවය. හොඳ ගුරුවරයෙකු කිසි දිනෙක පාසලෙහිදී තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන් තම ටියුෂන් පන්තියට ගෙන්වා නොගන්නා බවද ඔහු කීවේය. 

 



අදහස් (0)

ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි

ඔබේ අදහස් එවන්න

පුවත්

ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි
2024 දෙසැම්බර් මස 30 89 0

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්


ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්
2024 දෙසැම්බර් මස 30 101 0

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රය


පෙබරවාරි 15 ට පෙර වත්කම් කියන්න අලු‍ත් මන්ත්‍රීන්ට මැතිසභා ලේකම්ගෙන් දැනුම්දීමක්
2024 දෙසැම්බර් මස 30 13 0

ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලු‍ම පාර්ලිමේන්තු මන්ත


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිලෙයි
2024 දෙසැම්බර් මස 30 30 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ගැටුමකට මුල ප


ලබන මාර්තු වෙන තුරු පොල් මිල පහළ බසීන්නේ නෑ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති
2024 දෙසැම්බර් මස 30 19 0

ලබන වසරේ (2025) මාර්තු ​ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නො​ෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා ලංකාදීපයට පැවසීය. මාර්තු ​ෙවනතුරු පව


රාත්‍රී වාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලුමිනස් ඇඳුම් අනිවාර්යයි
2024 දෙසැම්බර් මස 30 18 0

රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරසී සාමාන්‍ය විදුලි පන්දම් භාවිත කර වාහන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 362 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 190 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site