උපුල් වික්‍රමසිංහ
පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද 80,830 (සියයට 24.85) ක් හා ආසන 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ දකුණේ දේශපාලන පක්ෂයක් යාපනය දිස්ත්‍රික්කය ජය ගත් පළමු අවස්ථාව වශයෙන් ඉතිහාසගත විය.
ඒ අනුව 2004 සිට පැවති මහ මැතිවරණ ගණනාවකදී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ජයග්‍රහණය කරනු ලැබූ යාපනය දිස්ත්‍රික්කය මෙවර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 17,503 ක් ලබා ගනිමිනි. ඡන්ද 63,327 ක් ලබා ගනිමින් මෙවර යාපනය දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමි වූ ආසන ගණන එකකි. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායම් අංක17 ආසන එක බැගින් දිනා ගත්තේය.
අවසන් වතාවට 2020 දී පැවැති මහ මැතිවරණයේදී ඡන්ද 112,967 (සියයට 31.46) ක් ලබාගනිමින් යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමි වූ ආසන ගණන 3 කි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂය යාපනය දිස්ත්‍රික්කය ජය ගත්තේ ඡන්ද 207,577 (සියයට 69.12) ක් ලබා ගනිමිනි. හිමි වූ ආසන ප්‍රමාණය 5 කි.
මේ අතර 2010 දී පැවැති මහ මැතිවරණයේදී ද ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යාපනය දිස්ත්‍රික්කය ජය ගත් අතර එම පක්ෂයට හිමි වූ ඡන්ද ප්‍රමාණය 65,119 (සියයට 43.85) කි. හිමි වූ ආසන සංඛ්‍යාව 5 කි. 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද යාපනය දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට එම පක්ෂය සමත් වූ අතර එහිදී හිමි වූ ඡන්ද ප්‍රමාණය 257,320 (සියයට 90.60) කි. ලබා ගත් ආසන ප්‍රමාණය 8 කි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරම අනුව පැරණි ප්‍රභූ දේශපාලනය අවසන් වී ඇති බව ද දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතාවගේ යුගයක් බව ද ජනතා විමුක්ති පෙ
මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් ලැබූ මනාප අනුව වාර්තා කිහිපයක් තැබීමට මාලිමාවේ ප්‍රධාන පෙළේ නායකයෝ සමත්ව සිටිති. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමැති ව
පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද 80,830 (සියයට 24.85) ක් හා ආසන 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම මෙරට පාර්ලිම
අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය දක්ෂිණාංශික පක්ෂවලට දීර්ඝ කාලයක් තිස්සේ බලය හිමිව තිබූ මැද කොළඹ ආසනයේ බලය මෙවර ගිලිහී ගියේය.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග කළ ජීවන් තොණ්ඩමාන් පමණ
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණේ පක්ෂයක් පළමු වතාවට යාපනය දිනයි මාලිමාවට ආසන 3 ක්