IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

ඉන්දික හේවාවිතාරණ‍ - සුදර්ශනී කෝණාර
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කළ බව පරිසර යුක්ති කේන්ද්‍රයෙහි සභාපති හේමන්ත විතානගේ පවසයි.
කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වූ මීනගයා දුම්රියෙහි ගැටී අලිපැටවුන් තිදෙනෙකු ද ඇතුළුව අලින් කිහිප දෙනෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමෙන් පසුව මේ තීන්දුව ගෙන තිබේ.

දැන්වීම් පුවරුද සවිකර වේග සීමා පනවා තිබුණත් එම සීමා අනුව දුම්රිය ගමන් කරනවාද යන්න සොයා බැලීමේ වැඩපිළිවෙළක් නොමැති බවද සිල්පර කොටන් අතර පවතින හිඩැස් නිසා අදාළ ස්ථානවලින් අලි ඇතුන්ට වේගයෙන් ගමන් කළ නොහැකි බවද හේමන්ත විතානගේ සඳහන් කළේය.
වේග සීමාවලට අනුව රියැදුරන් දුම්රිය ධාවනය කරනවා ද යන්න සොයා බැලීම හා සිල්පර කොටන් අතර තිබෙන හිඩැස් නිසි ලෙස කළුගල් දමා සකස් කිරීම සොයා බැලීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව සතු බව ඔහු පවසයි. 
දුම්රිය මාර්ග දෙපස අනවසර ඉදිකිරීම් නිසා අලි ඇතුන්ට පහසුවෙන් දුම්රිය මාර්ගය හරහා ගමන් කළ හැකි ස්ථාන අහිමි වී  තිබෙන බැවින් මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගතයුතු බවද හෙතෙම සඳහන් කළේය.
දිනෙන් දින දුම්රියෙහි ගැටී අලි මියයාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහගෙන් විමසූ විට ඔහු පැවසුවේ අපරීක්ෂාකාරී බව මෙන්ම අනතුරු වළක්වා ගැනීමට ඇති නොහැකියාව නිසා මෙම අනතුරු සිදුවන බවය. ඔහු මෙසේ ද පැවසීය.
“මෙම වසරේ දී දුම්රියෙහි ගැටී අලි 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 2024 වර්ෂයෙහි එසේ මියගොස් ඇත්තේ 11ක් පමණයි.
දුම්රියෙහි අලි ගැටීම් වළක්වා ගැනීම සඳහා දුම්රිය මාර්ග දෙපස යටි කැලෑව ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුට සහය දැක්වීමට බලාපොරොත්තු වෙනවා. මාර්ගවල අනතුරු ඇඟවීම් සලකුණු කිරීම්, අවදානම් අධික ස්ථානවල දුම්රිය වේග සීමා අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර පියවර ගෙන තිබෙනවා. 
දුම්රියෙහි ගැටී වැඩිම අලි මරණ සංඛ්‍යාව වූ 24ක් වාර්තා වන්නේ 2023 වසරේ දී. මෙම අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරන නමුත් සියයට සීයක්ම එය සිදු කළ නොහැකියි. පසුගියදා ගැටීම සිදු වූ ස්ථානයේ මාර්ගය දෙපසම කඳු සහිතයි. දුම්රිය පැමිණීමත් සමඟ අලින්ට ඉවත් වන්නට අවස්ථාවක් නොමැති වුණා. ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදු කරනවා.
මීට පෙර හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මැදිහත් වීමෙන් අලි අනතුරු සම්බන්ධ ඊයේ පර්‌යේෂණයක් සිදු කළා. එහි දී සෙන්සර් මගින් එය විසඳන ක්‍රමයක් සාකච්ඡා කළා. මෙම සතියේ දී දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ එකතු වී අවදානම් ස්ථාන නිරීක්ෂණය කොට අදාළ පියවර ගන්නවා. තාක්ෂණය යොදාගෙන මේ ගැටලුව විසඳන ආකාරය ඉදිරි සතියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.”
දුම්රියේ අලි ගැටීම් වළක්වා ගැනීමේ ප්‍රධාන වගකීම දුම්රිය රියැදුරන් සතු කටයුත්තක් බවද දුම්රිය දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහි වගකීමක් තිබෙන බව ද පරිසර සංවිධාන සඳහන් කරයි. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ දී අලින්ට හුවමාරු විය හැකි ස්ථාන සකස් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කර නොමැති බවටද චෝදනා එල්ල වේ.
පසුගිය කාලයේ දී රජයේ මූලිකත්වයෙන් සිදු කළ සොයා බැලීමක දී අලි ඇතුන් දුම්රිය මාර්ග හරහා ගමන් කරන්නේ කිලෝ මීටර් 140ක දුරැති ප්‍රදේශයක පමණක් බවට සොයාගෙන හඳුනාගත් ප්‍රදේශවල අලි ඇතුන් ගමන් කරන පුවරු පවා සවි කළ බවත් ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්‌යේෂණ කවය සඳහන් කරයි.
වේග සීමා පනවා තිබෙන පුවරු පවා සවි කළ ද අලි ඇතුන් දුම්රියේ ගැටීම දිගටම සිදුවන බවත් අනතුරක් සිදුවූ විට බොහෝ පිරිස් සතියක් දෙකක් යන තෙක් විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් කර ඉන් පසුව එය අමතක කර දමන බවත් එම සංවිධානයෙහි පරිසරවේ දී සුපුන් ලහිරු ප්‍රකාශ් පවසයි.
දුම්රිය මාර්ග මැදින් පිහිටි අලිමංකඩවල ආරුක්කු පාලම් ඉදිකිරීම හා එබඳු ස්ථානවල රාත්‍රී මුර සංචාර සිදුකිරීමේ යෝජනා තවමත් ක්‍රියාත්මක නොවන බවද පරිසර සංවිධාන චෝදනා කරයි.
පසුගිය දශකයෙහි අනතුරුවලින් මියගිය අලින් සංඛ්‍යාව 3,477ක් බවද දැනට ලංකාවේ අලිගහනය 5,880ක් බවද පරිසර සංවිධාන පවසයි. වෙඩි තැබීම, හක්කා පටස්, විදුලි සැර සහ දුම්රියේ ගැටීම මරණවලට හේතුවයි. දුම්රියෙහි ගැටී මියයන සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතී.

 



අදහස් (0)

දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

ඔබේ අදහස් එවන්න

පුවත්

අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ
2025 මාර්තු මස 03 33 0

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ​ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක


ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ විශේෂ පරීක්ෂණයක්
2025 මාර්තු මස 03 14 0

පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.


දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
2025 පෙබරවාරි මස 24 90 0

දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ


මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - කථානායක පොලිස්පතිට දැනුම් දෙයි
2025 පෙබරවාරි මස 24 25 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍


අවම කුලිය නිසා මන්ත්‍රී නිල නිවාසවලින් රජයට විශාල පාඩුවක්
2025 පෙබරවාරි මස 24 37 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින


ආදී සිසු සංගම් තවමත් මුදල් එකතු කරනවා - ලංකා ගුරු සංගමය
2025 පෙබරවාරි මස 24 22 0

ආදි ශිෂ්‍ය සංගම්වලට පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර තිබුණ ද ඇතැම් පාසල්වල පවත්වනු ලබන ආගමික උත්සව, පාගමන්, පොළ ආදී විවධ උත්සව ව


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20009 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 104 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 427 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 518 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site