IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


දේශබන්දුගේ ඉරණම අලුත් අවුරුද්දෙන් පසු විසඳෙයි

  • කමිටුව පත්කිරීම 8 වැනිදා 
  • යෝජනාවට පක්ෂව බහුතරයක්

සුජිත් හේවාජුලිගේ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට සිංහල අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ධුරයෙන් පහ කිරීමේ යෝජනාව සම්මත කිරීමට පෙර පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලු‍ත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත. ස්ථාවර නියෝග අනුව කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 113කින්  සම්මත කළ  යුතුව ඇත.

අගවිනිසුරුවරයා පත් කරන විනිසුරුවරයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේ එකඟත්වයෙන් පත් කෙරෙන නියෝජිතයෙක් මෙම කමිටුවට ඇතුළත් වෙති. ත්‍රිපුද්ගල කමිටුව ලබන 8 වැනිදා පත් කිරීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට එම කමිටුවට යම් කාලයක් ගතවනු ඇත. දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් පහ කිරීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කෙරෙන්නේ එම කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදීමෙන් අනතුරුවය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශ්වකරුවන් නව දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන්ගේ සේවා කටයුතු අත්හිටුවමින් පසුගිය වසරේ ජූලි මස 24 වැනිදා නියෝගයක් නිකුත් කළේය.

මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී. ඔහු රඳවා සිටින්නේ මහනුවර දුම්බර බන්ධනාගාරයේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් පහ කිරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගිය දා භාරදෙනු ලැබීය.

විෂමාචාර සහ දූෂණ ධුරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර  පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. 

මෙම යෝජනාවට සහාය පළ කිරීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇත. මේ අනුව එම යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය බහුතරය ස්ථීරයෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 

 

 



අදහස් (0)

දේශබන්දුගේ ඉරණම අලුත් අවුරුද්දෙන් පසු විසඳෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පසුගිය වසරේ ක්ෂය රෝගය වැළඳුණු ළමයින් 250ක් - වැඩි පිරිසක් කොළඹින්
2025 මාර්තු මස 29 17 0

පසුගිය වර්ෂයේ දී මෙරටින් ක්ෂය රෝගය වැළඳුණු 250ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් ඉන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යා


දේශබන්දුගේ ඉරණම අලුත් අවුරුද්දෙන් පසු විසඳෙයි
2025 මාර්තු මස 29 24 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට සිංහල අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


මන්ත්‍රී රක්ෂණය අහෝසි කරන්න - රවි කරුණානායකගෙන් යෝජනාවක්
2025 මාර්තු මස 29 16 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රක්ෂණය අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තම අස්සන


ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීම මාස හයකින්
2025 මාර්තු මස 29 26 0

සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික හැඳුනුම්පත් ඇති සියලු දෙනාට ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම සඳහා ලියපදිංචි ව


ඇමැති බංගලා කුලියට දෙන්නැයි ආයතන රැසකින් ඉල්ලීම්
2025 මාර්තු මස 29 28 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් ර


තායිලන්තය, මියන්මාරය හෙල්ලෙයි...
2025 මාර්තු මස 29 34 0

පසුගිය සිකුරාදා (28 දා) දහවල් 12.50ට පමණ මියන්මාරයේ සගායිං ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපාංක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් විශාල ජීවිත හා දේපළ සංඛ්‍යාවක් විනාශ වූ අ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 53 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 675 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 748 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site