IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


දේශබන්දු නෙරපීමේ යෝජනාවට පක්ෂ කිහිපයකින් විරෝධය

සුජිත් හේවාජුලිගේ

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් ධුරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන  ආකාරය ස්ථාවර නියෝගවලට පටහැණි බව සඳහන් කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සමගි  ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන්ට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැණි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි. අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝගවල සඳහන් වෙතත් කථානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද ස්ථාවර නියෝගවල පැහැදිලිවම සඳහන් වන බවය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා භාරදෙනු ලැබීය.



අදහස් (0)

දේශබන්දු නෙරපීමේ යෝජනාවට පක්ෂ කිහිපයකින් විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 14 22 0

වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්


කිලෝවොට් 100ට වැඩි සූර්යබල පද්ධති දින 11ක් නැවැත්වීම ගැන චෝදනා
2025 අප්‍රේල් මස 14 20 0

කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප


බන්ධනාගාර රුඳවියන් ෂිෆ්ටි එකට නිදා ගනිති
2025 අප්‍රේල් මස 14 12 0

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන්


ජාතික රෝහල් හදිසි අනතුරු ඒකකයේ විකිරණ යන්ත්‍ර දෙකම අක්‍රීයයි
2025 අප්‍රේල් මස 14 11 0

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා ත


සභා රුසකට වාරණ: පුංචි ජන්දය කල්යයි? අධිකරණ කටයුතු අවසන් කරගන්න වෙනවා - කොමිසමේ සභාපති
2025 අප්‍රේල් මස 14 20 0

පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.


ඇමති - නියෝජ්‍ය ඇමති විස්සක් තෙල් එපා කියති - මැතිසභා ලේකම්ට ලියුමක්
2025 අප්‍රේල් මස 14 11 0

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 862 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site