අංජුල මහික වීරරත්න
පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දුන්නේය.
මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මතකර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී තිබේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාර දී ඇති මෙම විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වනුයේ, පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කළ යුතු බවය.
එසේම එම අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණය හිමි විය යුතු බවටද යෝජනා කර ඇත. මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මූලික අරමුණු 8ක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර තිබේ.
එසේම එම අධිකාරිය සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට ද යෝජනා කර ඇත. මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවෙහි සභාපතිවරයා නිල බලයෙන් යෝජිත අධිකාරිය සඳහා පත්වන අතර, යම් ක්ෂේත්රයක හෝ ව්‍යාපාර හා වාණිජ ක්ෂේත්රයේ කැපීපෙනෙන වෘත්තිකයන් තිදෙනෙකු, ජාතික ක්‍රීඩා කණ්ඩායමක හිටපු නායකයන් හෝ ක්‍රීඩාවට හා රටට සුවිශේෂ සේවාවක් ලබාදුන් පුද්ගලයන් අතුරින් 02 දෙනෙකු, ජාතික ඔලිම්පික් කමිටුව යටතට අයත් නොවන ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හිටපු සභාපතිවරයෙකු මෙන්ම මුදල්, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරුන් විසින් නම් කරන නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද යෝජනා කර තිබේ.
යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිල කාලය වසර 04ක් වන අතර, ඒ සඳහා නම් කිරීමෙන් සහ නිල බලයෙන් පත්වන සාමාජිකයන් හැර අනෙක් සියලුම සාමාජික තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට අදාළ නාමයෝජනා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර අනුමතය ලබාගත යුතු බවටද යෝජනා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම සාමාජිකයන් අතරින් සුදුසු පුද්ගලයකු අධිකාරියේ සභාපතිවරයා ලෙස නම් කරමින් පත් කිරීමට කටයුතු කළ යුතු බවට ද විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර ඇත.
තවද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යාමේදී අවම මැදිහත්වීමක් සහතික කිරීම සඳහා දේශපාලන බලපෑම් අවම කිරීමට කටයුතු කිරීමට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්රයේ පැමිණිලි සහ ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් පිහිටුවීමටද මෙමගින් යෝජනා කර තිබේ. ඊට ඉදිරිපත් වන පැමිණිල්ලක් විසඳීම අවම වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදුකළ යුතු බවටද එහිදී අනිවාර්ය කර ඇත.
ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් ක්‍රීඩා පනතෙහි පවතින නීතිමය රාමුවට සහ පරිපාලන ව්‍යුහයට සැලකිය යුතු සංශෝධන ගෙන ඒමට හැකි වනු ඇති බවට මෙම අධ්‍යයන කමිටුව විශ්වාසය පළකරන අතර මෙම වෙනස්කම් සිදු කිරීම දැනට පවතින ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙන් හෝ එම නීතිය අහෝසි කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමෙන් සිදු කළ හැකි බවටත්, නීතිමය සහාය සහ උපදෙස් සමගින් නව පනත් කෙටුම්පතක් සකස් කළ හැකි බවටත් මෙම අධ්‍යයන කමිටු වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී ඇත.
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයන්
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමේ කමිටු වාර්තාව ජනපති අතට