IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්

ඉන්දික හේවාවිතාරණ
වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
අක්කරයක වගා කටයුතු සිදුකිරීම සඳහා මෙම කන්නයේදී රුපියල් 170,000 - 180,000 අතර මුදලක් වැය වී තිබෙන බව එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. නාඩු වී කිලෝවක ගැනුම් මිල මේ වන විට රුපියල් 100 - 105 අතර පවතී.  අක්කරයකින් ආසන්න වශයෙන් මෙවර ලැබී තිබෙන්නේ කිලෝ 1500 ක් හෝ ආසන්න ප්‍රමාණයක්  වන බව සභාපතිවරයා පැවසීය.
අක්කරයකින් ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම අලෙවි කළත් ලැබෙන්නේ රුපියල් 150,000 - රුපියල් 160,000 අතර මුදලක් බව ඔහු සඳහන් කළේය.


කීරි සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 260 ක් වුවද හොඳ තත්ත්වයේ කීරි සම්බා සහල් පාලන මිලට මිලදී ගැනීමට සාමාන්‍ය වෙළෙඳපොළෙහි නොමැති බව හෙතෙම පැවසීය.
යම් පිරිසක් විසින් හොර රහසේ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300 ඉක්ම වූ මිලකටත් ඇතැම් ප්‍රදේශවල රුපියල් 360 කටත් අලෙවි කරන බව අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. කීරි සම්බා සහල් කිලෝවක මිල ඉහළ ගියද මේ කන්නයේදී කීරි සම්බා වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 125කට හෝ රුපියල් 130ක් වැනි මුදලකට වන හෙයින් කීරිසම්බා වී කිලෝවක මිල හා සහල් කිලෝවක් අලෙවි කරන මිල අතර විකෘතියක් ඇති වී තිබෙන බව ඔහු සඳහන් කළේය.
නාඩු  වී කිලෝවක් සකස් කිරීම සඳහා මෙවර රුපියල් 115 - 120 අතර මුදලක් වැය වන නිසා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක්වත් හිමි විය යුතු බව ඔහුගේ අදහසයි.



අදහස් (0)

නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

පුවත්

නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්
2024 සැප්තැම්බර් මස 09 58 0

වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහ


තැපැල් ඡන්ද සලකුණු කිරීමට තවත් දින දෙකක්
2024 සැප්තැම්බර් මස 09 27 0

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ 4, 5, හා 6 තෙදිනෙහි අවස්ථාව නොලද තැපැල් ඡන්ද දායකයන්ට ලබන 11, 12 යන දින දෙකේ සිය ඡන්දය සලකුණු කිරීමේ අ


ඡන්දපොළේ කලබල කළොත් වෙඩි මැකෝගෙන් පොලීසියට උපදෙස්
2024 සැප්තැම්බර් මස 09 31 0

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරමින් මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන් සහ මැර කණ්ඩායම් පාලනය සඳහා වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැ


උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ
2024 අගෝස්තු මස 31 115 0

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වි


චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි
2024 අගෝස්තු මස 31 207 0

තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ට


සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්
2024 අගෝස්තු මස 31 62 0

සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site