රංජන් කස්තුරි
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර ගැනීම 11 වැනිදා අවසන් වූ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690 ක් නාම යෝජනා පත්‍ර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.
ඒ අතරින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 616 ක නාමයෝජනා පත්‍ර පිළිගත් බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වැඩිම ප්‍රමාණයක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙනි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණන 64 කි.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අඩුවෙන්ම තරග කරන දිස්ත්‍රික්ක දෙක වන්නේ මොණරාගල සහ පොළොන්නරුවය.
ශ්‍රී ලංකාව අවට සශ්‍රීක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදු කලාපයක් තිබුණ ද 2019 සිට 2024 සැප්තැම්බර් දක්වා ගත වූ අවුරුදු හයක කාලයේ දී මාළු හා මාළු ආශ්රිත නිෂ්පාදන
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයත් සංචාරක අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ H E T Colors 2024 නම් වූ හෝලි උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුපති කෝලිත බණ්ඩ
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හ
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ ෙවන විට ණය වින්දිතයන් බවට පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්