සුජිත් හේවාජුලිගේ
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති නිසි පරිදි ස්ථාපනය නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන් දිවයින පුරා විවිධ දුම්රිය අනතුරු 1501ක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම අනතුරුවලින් 298 දෙනෙකු මිය ගොස් 1054 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවේ දැක්වේ. මෙම අනතුරු සිදුවී ඇතැයි පැවසෙන්නේ 2000 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලයේදීය. මේ අතර මෙවැනි අනතුරුවලින් මිය යන පුද්ගලයන්ට වන්දි ප්රදානය කිරීමේ වැඩ පිළිවෙළක් මෙන්ම මිය යන පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ට ඇතිවන පීඩා සොයා බැලීමේ ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද එම වාර්තාව සඳහන් කරයි.
එසේම එම වින්දිතයන් වෙනුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වග වී නොතිබුණු බවද වාර්තාව සඳහන් කරයි. සුළු හරස් මාර්ගවල ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආඥා පනතේ විධිවිධාන පරිදි හරස් මාර්ග ගේට්ටු ඉදිකර නොතිබුණු බවත් ඒවායේ පාලනය හා ආරක්ෂාව පිළිබඳව පනතේ විධිවිධාන පරිදි ක්‍රියාකර නොතිබුණු බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.
ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉන්දියානු සමාගමකින් ලබා ගත්ත ද එයින් මෙරට පුරවැසියන්ගේ දත්ත කිසි ලෙසකත් එම සමාගමට ලබා ගත නොහැකි
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනීම වෙනුවෙන
මෙරටට හිමි වූ විශාලතම සෘජු විදේශ ආයෝජනය වාර්තා කරමින් බලශක්ති අමාත්‍යාංශය, චීනයේ ප්රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගතවී
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති නිසි පරිදි ස්ථාපනය නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන් දිවයින පුරා විවිධ දුම්රිය අනතුරු 1501ක
මහ කන්නයේ මිලදී ගනු ලබන වී අස්වනු ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව ලක්ෂ දෙකකට වැඩි ධාරිතාවක් සහිත වී ගබඩා පවතින බවත්, සතොස සතුව පවතින හැට දහසක ධාරිත
වසර 2021 සිට 2023 දක්වා ගත වූ අවුරුදු තුනක කාලයේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය, ඒක පුද්ගල ආදායම් මට්ටම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
නොසැලකිල්ලෙන් 298ක් යකඩ යකාට බිලි