සුජිත් හේවාජුලිගේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත. ඒ නීතිපතිවරයාට ලිපියක් යොමු කරමිනි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව නීතිමය බාධා පවතී නම් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම මෙහි අරමුණ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව කලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇතිනම් එය කඩිනමින් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන්ද ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
පැරණි නාමයෝජනා ලැයිස්තුව අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සම්මත කරගත යුතු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව කැඳවූ පැරණි නාම යෝජනා ලැයිස්තුව අහෝසි කරන බවට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණයක් ගත්තේය. එම තීරණය රජය මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය සතියේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබීය. ඒ අනුව එම මැතිවරණයට අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත් වූහ.
මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති. පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ ද සිටිති.
නාම යෝජනා දුන් මෙම පිරිසෙන් 8000ක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එසේම අපේක්ෂකයන් 2000කට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී පක්ෂ මාරු කර ඇතැයිද අමාත්‍යාංශයට තොරතුරු අනාවරණය වී ඇත. ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙක්ටයාර් 16,000ක පමණ එළවළු හා පලතුරු වගාවලට හානි සිදු තිබෙන බව ජාතික ගොවිජන එකමතුව සඳහන් කරයි. කැරට්, බෝංචි,
ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ නොපැවැත් වුවද ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් 655,096,226 ක මුදලක් වැයකර
ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය. ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15ක් ප
මහනුවර ජාතික රෝහලේ වසර දහ අටක් පුරා ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන් පිරිසකට තම වෘත්තීය දැනුම ලබා ගැනී
කිරි ගවයන්ගේ මව් සතුන් හිඟයක් ඇති වී තිබෙන නිසා මව් සතෙකුගේ මිල රුපියල් ලක්ෂ හතර දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික කිරිගොවි ව්‍යාපාරය සඳහන් කරයි. මව්සතුන්
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
පුංචි ඡන්දය ගැන මැ.කො. නීතිපති මතය විමසයි