IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පැරදුණු මන්ත්‍රී හැටක් පළාත් සභාවට ඉල්ලති

සුජිත් හේවාජුලිගේ
පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරග වැදීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ද පළාත් සභාවට තරග වැදීමට එසේ අදහස් කරගෙන සිටින බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට විවිධ අපහසුතා සහ ප්‍රායෝගික ගැටලු‍ පවතින හෙයින් පළාත් සභා මැතිවරණයට තරග වැදීමට මෙසේ අදහස් කරගෙන සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභාවන්ට මෙසේ තරග කිරීමට තීරණය කර සිටින්නේ එම සභාවන්හි කාලයක් කටයුතු කළ හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පැවසීය.
මේ සියලු‍ම මැතිවරණ කඩිනමින් පැවැත්වීමට අදහස් කරගෙන සිටින බවද ඔහු කීවේය. පළාත් පාලන ඡන්දයට පැවැත්වීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසීය.



අදහස් (0)

පැරදුණු මන්ත්‍රී හැටක් පළාත් සභාවට ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි
2025 පෙබරවාරි මස 02 21 0

රතු සහල් හිඟය ඉදිරි සතිය ​ෙවන විට අවසන් ​ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ​ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය


මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ
2025 පෙබරවාරි මස 02 21 0

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.


අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට
2025 පෙබරවාරි මස 02 16 0

ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ


මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා
2025 පෙබරවාරි මස 02 27 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත


ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි
2025 පෙබරවාරි මස 02 27 0

රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව


නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
2025 ජනවාරි මස 27 174 0

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site