IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පළාත් පාලන ආයතනවල ආණ්ඩු පක්ෂ විපක්ෂ කියා දෙයක් නෑ

චාමර සම්පත්

කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පවසයි.

පළාත් පාලන ආයතන නීතියට අනුව සභාවක ප්‍රධානියා සභාපති වන අතර මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨත්වය මත අසුන්ගැනීම සිදුකළ යුතු බවත් එලෙස අසුන් ගැනීමේදී ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් ලෙස සැලකීමක් සිදු නොවන බවත් නානායක්කාර මහතා කීවේය.

එමෙන්ම පළාත් පාලන නීතියේ සඳහන් ආකාරයට පටහැණිව මන්ත්‍රීවරුන් අසුන්ගෙන සභාව විසින් ගන්නා තීරණ වලංගු නොවන බවද හෙතෙම පැවසීය. ඒ හේතුවෙන් කුමන පක්ෂයකින් හෝ වැඩකළ හැකි හොඳම පිරිස පළාත් පාලන ආයතන වෙත තෝරා පත්කරගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද ධර්මසිරි නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔහු මෙසේද පැවසීය. 

“සභාවක ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා එකක් නැහැ. සභාවේ සභාපති කාටත් සභාපති. රැස්වීමක මූලාසනය ගන්නේ සභාපතිවරයා. සභාපතිවරයා නැති නම් උපසභාපතිවරයා. උපසභාපතිවරයාත් නැතිනම් එදින සභාවේදී බහුතර කැමැත්නෙත් තෝරාගන්නා ඕනෑම කෙනෙක් මූලාසනය ගතයුතුයි කියලා තමයි නීතියේ තියෙන්නේ. 

පළාත් පාලන ආයතනවල සභික මන්ත්‍රීවරුන් වාඩිවෙන ක්‍රමයක් තිබෙනවා. ඒක නීතියේම සඳහන් වෙනවා. සභාපතිවරයා මූලාසනයේ සිටිය යුතුයි. සභාපතිවරයාගේ දකුණු අත පැත්තේ සිට පිළිවෙළින් අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වයට අනුව වාඩිවිය යුතු වෙනවා. 

සභාපතිට පසුව ඊළඟ ජ්‍යෙෂ්ඨයා උපසභාපති. තුන්වැනියට සිටින්නේ අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය මත පත්වූ මන්ත්‍රීවරයා. මේ ආකාරයට ජ්‍යෙෂ්ඨත්වය අනුව සභාවේ වාඩිවිය යුතුයි. එය කඩකරන්න බැහැ. එය කඩකර වාඩි වුව හොත් එදින සභාවේ ගන්නා තීරණ වලංගු නැහැ. 

මේ අනුව ජ්‍යෙෂ්ඨත්වයට අනුව වාඩි වූ විට පළමුව සිටින කෙනා එක පක්ෂයක වෙන්න පුළුවන්. ඊළඟට සිටින කෙනා තවත් පක්ෂයක වෙන්න පුළුවන්. ඒ ආකාරයට අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය අනුව වාඩි කළාම කවුරුත් කලවමේ ඉන්නේ. මේ නිසා ආණ්ඩු පක්ෂය මේ පැත්තේ, විපක්ෂය මේ පැත්තේ කියලා කිසිම සභාවක වෙන් කර තියන්නෙ නැහැ. ඒ නිසා ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා දෙයක් සභාවක නැහැ. 

ඒ වගේම පළාත් පාලන ආයතනයකට පැමිණෙන සියලු‍ම දෙනා මුලින්ම දිවුරුමක් දීලා තමයි සභාවට පැමිණෙන්නේ. නාමයෝජනා පත්‍රය සමග අවනතභාවය ප්‍රකාශ කිරීමේ දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙනවා. 

මේ නිසා පළාත් පාලන ආයතනවලට තේරීපත්වන මන්ත්‍රීවරුන්  නැවත දිවුරුම් දීම අනවශ්‍යයි කියලා නීතිපති දැනුම් දීලා තියෙනවා.

නමුත් මන්ත්‍රී කෙනෙක් විදියට තේරීපත්වුණා කියලා ප්‍රසිද්ධ කරන්න මේ අය පක්ෂයේ සංවිධායක ඉදිරියේ නැවත දිවුරුම් දෙනවා. එය අනවශ්‍ය දෙයක්. දිනපු තේරීපත් වුණ ගැසට් පත්‍රයේ නම තිබෙන ඕනෑම කෙනෙකුට සභාවට සහභාගීවීමේ හැකියාව තිබෙනවා.”

 

 



අදහස් (0)

පළාත් පාලන ආයතනවල ආණ්ඩු පක්ෂ විපක්ෂ කියා දෙයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

බීජ මිල ඉහළ යෑමෙන් ලොකු ලූනු වගාව අඩාළයි
2025 අප්‍රේල් මස 20 18 0

ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගො


වෙන වාහන නෑ: තිබෙන නිල වාහන පාවිච්චියට ඉඩ දෙන්න - ලොක්කෝ පිරිසක් රජයෙන් ඉල්ලති
2025 අප්‍රේල් මස 20 27 0

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පාවිච්චි කිරීමට ඉඩ දෙන්නැයි ආයතන ප්‍


ධීවර ගැටලුව ගැන අගමැති මෝදි සමග සාකච්ඡා කළා - ජනපති මන්නාරමේදී කියයි
2025 අප්‍රේල් මස 20 12 0

ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් එය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර


කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණි පුරප්පාඩු 250ක්
2025 අප්‍රේල් මස 20 11 0

කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් මෙයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් හා පළාත් රාජ්‍ය සේවාවේ 120ක් වශයෙන් පවතින බවත් රාජ්‍ය පළාත්, රා


පළාත් පාලන ආයතනවල ආණ්ඩු පක්ෂ විපක්ෂ කියා දෙයක් නෑ
2025 අප්‍රේල් මස 20 23 0

කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පවස


දළදා වන්දනාවට ලක්ෂ ගණනක් පෝලිමේ
2025 අප්‍රේල් මස 20 19 0

වසර දාසයකට පසු බෞද්ධ බැතිමතුන්ට උදාවූ ඓතිහාසික දළදා වන්දනාව සඳහා අතිවිශාල බැතිමත්හු පිරිසක් දින තුනක් පුරා පෝලිම්වල දිවා රාත්‍රී ගත කරමින් සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site