IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


පාලන මිල ඉක්මවා සහල් අලෙවිය තවමත්

ඉන්දික හේවාවිතාරණ

ඇතැම් ප්‍රදේශවල මේ වන විට සම්බා හා කීරි සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර එම සහල් වර්ගවල මිල ඉහළ ගොස් තිබේ. කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300කටත් සම්බා  කිලෝවක් රුපියල් 270කටත් අලෙවි කරන බවද පරිභෝගික ජනතාව සඳහන් කරති.

සහල් සඳහා පනවා තිබෙන උපරිම මිල ගණන් වෙනස් කර තිබෙන බව පවසා සිල්ලර වෙළෙඳුන්ට සහල් වැඩි මිලට අලෙවි කිරීමට ඇතැම් මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. 

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සහල් සඳහා පනවා තිබෙන තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බවද පෙන්වා දෙයි. මේ අනුව කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220ක්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 240ක් සහ  කීරි සම්බා කිලෝවක සිල්ලර මිල රුපියල් 260ක් වන බව අධිකාරිය සඳහන් කරයි.

මෙම මිලට වඩා  වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරමින් තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි. වැඩි මිලට සහල් අලෙවි කරන පිරිස් පිළිබඳව 1977 දුරකතන අංකයට කාර්යාල වෙලාවන්හි දැනුම් දිය හැකි බවද පෙන්වා දෙයි. මේ වසරේ ජනවාරි 01 වන දින සිට 20 වැනි දින දක්වා කාලයෙහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 500කට වැඩි ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

කීරි සම්බා හා සම්බා වී සඳහා උපරිම මිලක් පනවා තිබුණත් ගොවිජනතාව එම මුදලට වී ලබා නොදෙන නිසා සම්බා හා කීරිසම්බා වී  වැඩි මිලට මිලදී ගැනීමට සිදුව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති. වැඩි මිලට වී මිලදී ගන්නා නිසා පාලන මිලට සම්බා හා කීරි සම්බා සහල් ලබා දිය නොහැකි වීමෙන් බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් එම වී වර්ග දෙක මිලදී ගැනීමෙන් ඉවත් වී සිටින බවද වර්තා වේ. 

මේ නිසා සුළු පිරිසක් වැඩි මිලට කීරි සම්බා හා සම්බා වී මිලදී ගෙන වැඩි මිලට සහල් අලෙවි කරමින් තිබෙන බවද කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ  පවසති. 

තෙත කීරිසම්බා  වී කිලෝවක් ගොවීන් ලබා දෙන්නේ රුපියල් 130 කට හා සම්බා වී කිලෝවක් රුපියල් 120 - 122 ක මිලට බවද මරඳගහමුල්ල සහල් නිෂ්පදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා සඳහන් කළේය. තෙත ඉවත් කළ පසු කීරිසම්බා වී කිලෝවක වටිනාකම රුපියල් 160 කට ආසන්න වන බවත් සම්බා වී කිලෝවක වටිනාකම රුපියල් 148 කට ආසන්න වන බවත් ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට වී මිලදී ගෙන පාලන මිලට සහල් ලබා දීමෙන් මෝල් හිමියන්ට කිසිදු ලාභයක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

කීරි සම්බා හා සම්බා සහල් මිල ඉහළ යාම නිසා ආපනශාලා හා අවන්හල් හිමියන් දැඩි දුෂ්‍කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා ආපනශාලා සහ අවහන් හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේය. පාලන මිල ඉක්මවා මෙම සහල් ලබා දීමෙන් ආහාර පැකට්ටුවක මිල පවා ඉහළ ගොස් තිබෙන බවත් අලු‍ත් අවුරුදු සමය වන විට දැනට පවතින මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔහු පවසා සිටියේය.

මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් වැඩි මිලට සම්බා හා කීරිසම්බා සහල් අලෙවි කරමින් තිබෙන බවත් කීරි සම්බා මෙරට තුළ පමණක් නිෂ්පාදනය කරන නිසා එම සහල් වර්ගය සඳහා කිසිදු විකල්පයක්ද නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. මෙම වී වර්ග වගා කරන්නේ සීමිත ගොවීන් පිරිසක් නිසා ඉදිරි කන්නයේදී වැඩි වශයෙන් වගා කිරීමට අවශ්‍ය පහසුකම් ගොවීන්ට ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

 

 



අදහස් (0)

පාලන මිල ඉක්මවා සහල් අලෙවිය තවමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පසුගිය වසරේ ක්ෂය රෝගය වැළඳුණු ළමයින් 250ක් - වැඩි පිරිසක් කොළඹින්
2025 මාර්තු මස 29 17 0

පසුගිය වර්ෂයේ දී මෙරටින් ක්ෂය රෝගය වැළඳුණු 250ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් ඉන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යා


දේශබන්දුගේ ඉරණම අලුත් අවුරුද්දෙන් පසු විසඳෙයි
2025 මාර්තු මස 29 22 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට සිංහල අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


මන්ත්‍රී රක්ෂණය අහෝසි කරන්න - රවි කරුණානායකගෙන් යෝජනාවක්
2025 මාර්තු මස 29 16 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රක්ෂණය අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තම අස්සන


ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීම මාස හයකින්
2025 මාර්තු මස 29 24 0

සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික හැඳුනුම්පත් ඇති සියලු දෙනාට ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම සඳහා ලියපදිංචි ව


ඇමැති බංගලා කුලියට දෙන්නැයි ආයතන රැසකින් ඉල්ලීම්
2025 මාර්තු මස 29 25 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඇමති බංගලා කුලියට දෙන ලෙස ඉල්ලා ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක් ර


තායිලන්තය, මියන්මාරය හෙල්ලෙයි...
2025 මාර්තු මස 29 34 0

පසුගිය සිකුරාදා (28 දා) දහවල් 12.50ට පමණ මියන්මාරයේ සගායිං ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපාංක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් විශාල ජීවිත හා දේපළ සංඛ්‍යාවක් විනාශ වූ අ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 12 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 644 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 739 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site