IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


බන්ධනාගාර රුඳවියන් ෂිෆ්ටි එකට නිදා ගනිති

ඉන්දික හේවාවිතාරණ

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි.

2023 වසරේදී නිකුත් කළ රජයේ විගණන වාර්තාව මගින් ද  බන්ධනාගාර තදබදය පිළිබඳව පෙන්වා දී ඇතත් තවමත් එම ගැටලු‍වට  නිසි විසඳුම් ලබා දී නොමැති බව එම කමිටුවේ  විධායක අධ්‍යක්ෂ, නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය.

බන්ධනාගාර තදබදය දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවද  සිරකරුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව ලෝක ප්‍රඥප්තියක් තිබියදී ද මෙරට සිරකරුවන්ගේ තත්ත්වය ශෝචනීය බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය නිසා රැඳවියන්ගේ අයිතිවාසිකම් විශාල ලෙස උල්ලංඝනය වෙමින් පවතින බවත් අඩුම තරමින් ප්‍රමාණවත් තරම් වැසිකිළි පහසුකම් පවා නොලබෙන බවත් හෙතෙම කියා සිටියේය. 

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“වැසිකිළි ප්‍රමාණවත් නොවීම නිසා පෝලිම්වල සිට වැසිකිළි යාමට  සිදුව තිබෙනවා. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතුයි. බන්ධනාගාරවල රැඳවිය හැකි ප්‍රමාණය මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් මේ වන විට රඳවා සිටිනවා.

මෙම පිරිසෙන් අතිබහුතරයක් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීමේදී  ඔවුන් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට යොමු කළ යුතුයි. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පිරිස ප්‍රජා සේවාවල යෙදවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැනට කෙරෙන වැඩ ප්‍රමාණවත් නෑ.

සැකකරුවන් ලෙස අතිවිශාල පිරිසක්  බන්ධනාගාර ගතව සිටිනවා. මෙම පිරිසට ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා වසර 10ක සිට අපේ සංගමය බලධාරීන්ට විවිධ යෝජනා ලබා දී තිබෙනවා. එහෙත් තවමත් අයිතිවාසිකම ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.  

ඔවුන් සඳහා ඡන්ද මධ්‍යස්ථාන ඇති කළ නොහැකි නම් රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය පවත්වන ආකාරයට සැකකරුවන්ට හා ඡන්ද අයිතිය හිමි සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දිය හැකියි.” 

මේ පිළිබඳව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය අංශය) ගාමිණී බී. දිසානායකගෙන් සිදුකළ විමසීමකදී බන්ධනාගාර තදබදය අවම කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව පැවසීය. 

රිමාන්ඩ් බන්ධනාරගත වන සැකකරුවන්ට අදාළව තදබදයක් පවතින බවත් සමස්ත බන්ධනාගරවල රැඳවිය හැක්කේ 11,395 ක ප්‍රමාණයක් වුවද 29,275 ක් රඳවා සිටින බවත් ඔහු පැවසීය. බන්ධනාගාරවල සනීපාරක්ෂක ඇතුළු අනෙකුත් පහසුකම් පිළිබඳ ගැටලු‍ පවතින බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

බන්ධනාගාර රුඳවියන් ෂිෆ්ටි එකට නිදා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 14 35 0

වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්


කිලෝවොට් 100ට වැඩි සූර්යබල පද්ධති දින 11ක් නැවැත්වීම ගැන චෝදනා
2025 අප්‍රේල් මස 14 30 0

කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප


බන්ධනාගාර රුඳවියන් ෂිෆ්ටි එකට නිදා ගනිති
2025 අප්‍රේල් මස 14 26 0

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන්


ජාතික රෝහල් හදිසි අනතුරු ඒකකයේ විකිරණ යන්ත්‍ර දෙකම අක්‍රීයයි
2025 අප්‍රේල් මස 14 14 0

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා ත


සභා රුසකට වාරණ: පුංචි ජන්දය කල්යයි? අධිකරණ කටයුතු අවසන් කරගන්න වෙනවා - කොමිසමේ සභාපති
2025 අප්‍රේල් මස 14 27 0

පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.


ඇමති - නියෝජ්‍ය ඇමති විස්සක් තෙල් එපා කියති - මැතිසභා ලේකම්ට ලියුමක්
2025 අප්‍රේල් මස 14 20 0

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 136 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 285 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 927 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site