IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


මන්නාරම පෞරාණික ගල් පුවරුවේ අකුරු මැකිලා

වගාවකින් මාමඩුව පැරණි සොහොන් බිමත් වැනසිලා

විගණන වාර්තාව කියයි

සුජිත් හේවාජුලිගේ

මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3  සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භාවිත කිරීම හේතුවෙන් එහි  අක්ෂර මැකී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

දිගින් සෙන්ටි මීටර් 160ක් හා පළලින් සෙන්ටිමීටර් 61 වෙන මෙම පුවරු ලිපිය 2014 ජුනි මස 20 දිනැති අංක 1868 දරන ගැසට් පත්‍රය මගින් ඉපැරණි ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

මුරුංකන් රෝහල පිහිටා ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ නානට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.

මේ අතර වවුනියාව, අග්බෝපුර, මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ගැනීමෙන් තොරව වන වගා කටයුතු කිරීම හේතුවෙන් එහි පුරා සාධකවලට හානි සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම සුසාන භූමිය 2022 ජූලි මස 28 වැනි දිනැති අංක 2290/33 දරන ගැසට් පත්‍රය මගින් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දකි.

මේ අතර ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති තෝනිගල පුරාවිද්‍යාත්මක ස්ථානය විස්තීර්ණ ගවේෂණයකින් මැනුම් කටයුතු කර පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස  ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර නොතිබූ බව  පවසන විගණන වාර්තාව මෙම ස්ථානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය ඉදිකිරීම් සඳහා වූ 2022 ස්ථානීය සංවර්ධන සැලැස්ම පවා ක්‍රියාත්මක කර නොතිබූ බවද සඳහන් කළේය. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.

 



අදහස් (0)

මන්නාරම පෞරාණික ගල් පුවරුවේ අකුරු මැකිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180ක හිඟයක්
2025 අප්‍රේල් මස 26 16 0

මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන


අයි.එම්.එෆ්. එකඟතාව අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344ක්
2025 අප්‍රේල් මස 26 14 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව


මන්නාරම පෞරාණික ගල් පුවරුවේ අකුරු මැකිලා
2025 අප්‍රේල් මස 26 13 0

මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භ


දළදා ප්‍රදර්ශනය පැවති මුල් දින අටේදී මහනුවර නගරයේ අපද්‍රව්‍ය ටොන් 300ක්
2025 අප්‍රේල් මස 26 9 0

මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාව


දළදා දැක්ම දීර්ඝ නොකෙරේ
2025 අප්‍රේල් මස 26 10 0


කෝප් කමිටුවෙන් දුෂිතයන්ට නඩු, කමිටුවට වෙනම නීති නිලධාරියෙක්
2025 අප්‍රේල් මස 26 12 0

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site