උපුල් වික්‍රමසිංහ
මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් ලැබූ මනාප අනුව වාර්තා කිහිපයක් තැබීමට මාලිමාවේ ප්‍රධාන පෙළේ නායකයෝ සමත්ව සිටිති. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමැති විජිත හේරත් ඡන්ද හත්ලක්ෂ දහසයදහස් හත්සිය පහළොවක් (716,715) ලබා ගනිමින් මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට සමත් විය. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කියූවේ 2020 මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364ක් ලබාගත් මහින්ද රාජපක්ෂය.
එසේම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප හයලක්ෂ පනස්පන්දහස් දෙසිය අසූනවයක් (655,289) ලබා කොළඹ දිස්ත්‍රික්කෙය් අපේක්ෂකයකු මැතිවරණ ඉතිහාසයේ ලබාගත් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට සමත් විය. කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් අපේක්ෂකයෙකු ලැබූ වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ කළුතර කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස සමත් වූයේය. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 371,640 කි. මහනුවර ජාජබ කණ්ඩායම් නායකයා වූ ලාල් කාන්ත මනාප 316,951 ක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික් වාර්තාවක් පිහිටු වූයේය.
එසේම මාතර කණ්ඩායම් නායකයා වූ සුනිල් හඳුන්නෙත්ති මනාප ඡන්ද 249,251 ක් ලබා ගැනීමට සමත් විය. එය ද මාතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු මහමැතිවරණ ඉතිහාසයේ ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙස දැක්වේ. බදුල්ල දිස්ත්‍රික් නායකයා වූ සමන්ත විද්‍යාරත්න ද මනාප 208,247 ක් ලබමින් එම දිස්ත්‍රික්කයේ වාර්තාව පිහිටුවූයේය. එසේම ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වූ නලින්ද හේවගේ ඡන්ද 274,707 ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ වාර්තාව පිහිටුවූයේය.
මීට අමතරව කුරුණෑගල කණ්ඩායම් නායකයා වූ නාමල් කරුණාරත්න ද මනාප 356,969 ක් ලබා ගැනීමට සමත් වූයේය.
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
වසීම් තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම ඇතුළු පසුගිය කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනවලට අදාළ අවසන් න
නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.
පවතින අධික වැසි තත්ත්වය හමුවේ ජලයෙන් කුඹුරු යට වීම නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසේ සිට තුන් ලක්ෂ හැට දහස දක්වා වූ ප්‍රම
ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉන්දියානු සමාගමකින් ලබා ගත්ත ද එයින් මෙරට පුරවැසියන්ගේ දත්ත කිසි ලෙසකත් එම සමාගමට ලබා ගත නොහැකි
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනීම වෙනුවෙන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මනාප 716,715 ලබා විජිත මනාප වාර්තා අලුත් කරයි මාලිමා නායකයෝ වාර්තා තබති