සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු අතර ලොකු සටනක් අලුත් වටයකින් ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සඳහා ඔවුන් දේශපාලන අනුග්‍රහ ගැනීමට මේ දිනවල විවිධ උත්සාහ දරමින් සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් සති තුනක සේවා දිගුවක් පසුගියදා දෙනු ලැබීය. එය ඔහුට දුන් තෙවැනි සේවා දිගුවයි. මේ අතර මින් එහාට පොලිස්පතිවරයාගේ සේවය දීර්ඝ නොකර අලුතින් පොලිස්පතිවරයකු පත්කිරීමට රජය තීරණය කර ඇත.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවය සති තුනකින් දීර්ඝ කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ජනාධිපතිවරයා සහ එම සභාව අතර මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස්පති ධුරය සඳහා නියම සුදුස්සා තෝරා ගැනීම සඳහා මේ දිනවල කටයුතු ආරම්භවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් අධිකරණමය කටයුතු බාධාවක්වී පවතින බවද අමාත්‍යංශය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ නව පොලිස්පතිවරයා ඉතාම ඉක්මනින් පත්කරන බවයි. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ද පසුගියදා ලොකු සංවාදයක් ඇතිවිය.
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයන්
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මින් මතුවට පොලිස්පති පුටුවට සේවා දිගු නෑ