ඉන්දික හේවාවිතාරණ
මොරටුව හා ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල ශිෂ්‍ය කණ්ඩායම් අධ්‍යාපනය ලැබුවත් තවමත් මෙම පීඨ දෙක සඳහා ස්ථිර ගොඩනැගිලි හෝ මහාචාර්ය ඒකක නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි. මීට අමතරව සබරගමුව හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ස්ථිර මහාචාර්ය ඒකක නොමැති බවද එම වෛද්‍ය පීඨ දෙක සඳහා ඇත්තේ තාවකාලික මහාචාර්ය ඒකක බව ද එම කමිටුව පෙන්වා දෙයි.
මොරටුව වෛද්‍ය පීඨයෙහි මේ වෙන විට ශිෂ්‍ය කණ්ඩායම් හතරක් අධ්‍යාපනය ලබන අතර පූර්ව සායනික ගොඩනැගිල්ලක් කටුබැද්ද ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භ කළ ද එහි ඉදිකිරීම් කටයුතු පවා නිසි ලෙස සිදු නොවෙන බව ද ඔවුහු කියති.
කළුතර ශික්ෂණ රෝහලෙහි මහාචාර්ය ඒකක සකස් කිරීමට සැලසුම් කළ ද එම කටයුතු නිසි ලෙස සිදුනොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.
මෙම වෛද්‍ය පීඨය ආරම්භ කර මේ වෙන විට වසර පහකට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර, ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල පළමු වසර කණ්ඩායම අධ්‍යාපනය ලබන බවත්, දෙවැනි කණ්ඩායම ඉදිරි කාලයේදී බඳවා ගැනීමට නියමිතව තිබෙන බවත් සඳහන් කරයි.
මහාචාර්ය ඒකක බදුල්ල ශික්ෂණ රෝහලෙහි ඉදිකිරීමට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මුල්ගල තැබීම් සිදුකළත් එහි ඉදිකිරීම කටයුතු පවා නිසි ලෙස සිදුනොවන බව ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පෙන්වා දෙයි. එම කමිටුව මෙසේද සඳහන් කරයි.
“මෙම පීඨයටත් ස්ථිර ගොඩනැගිලි නොමැත. වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක පීඨය පවත්වාගෙන යයි. පීඨය ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබුණද අදාළ ඉදිකිරීම් පවා නිසි ලෙස සිදුනොවේ.
වයඹ වෛද්‍ය පීඨයට අදාළව සිසුන් විසින් කුරුණෑගල රෝහලෙහි වාට්ටු වෙන්කරගෙන මහාචාර්ය ඒකකයක් ලෙස පවත්වාගෙන යමින් අධ්‍යාපන කටයුතු සිදුකරයි. සබරගමුව වෛද්‍ය පීඨයට අදාළව රත්නපුර රෝහලෙහි වාට්ටු වෙන් කර මහාචාර්ය ඒකක සකස් කර තිබේ. මෙම වාට්ටුවල වෛද්‍ය පීඨ සිසුහු අධ්‍යාපනය ලබති. මෙම රෝහලෙහි මහල් 09 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇතත් ඉදිකිරීම් අවසන් වීමට තවත් වසර කිහිපයක් ගත විය හැක.
මේ නිසා වෙල්ලස්ස වෛද්‍ය පීඨයෙහිද මොරටුව වෛද්‍ය පීඨයෙහිද අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගත යුතුය.”
ශ්‍රී ලංකාව අවට සශ්‍රීක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදු කලාපයක් තිබුණ ද 2019 සිට 2024 සැප්තැම්බර් දක්වා ගත වූ අවුරුදු හයක කාලයේ දී මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයත් සංචාරක අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ H E T Colors 2024 නම් වූ හෝලි උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුපති කෝලිත බණ්ඩ
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හ
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ ෙවන විට ණය වින්දිතයන් බවට පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මොරටුව හා ඌවවෙල්ලස්ස වෛද්‍ය පීඨවලට ස්ථිර ගොඩනැගිලි නැතිකමෙන් ගැටලු රැසක්