IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මහර රැඳවියන් ඝාතන නඩුව: නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සදහා අධිකරණයේ පෙනී සිටින්නැයි රහස් පොලිසියට නියෝග

මනෝප්‍රිය ගුණසේකර
මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවකදී වෙඩි තබා 11 දෙනෙකුගේ මරණ සිදුකිරීමේ සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නොවැ. 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මියගිය රැඳවියන්ගේ ඥාතීන්ට හා රහස් පොලිස් නිලධාරීන්ට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා නියම කළේය.

වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදු කළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දෙමින් සිද්ධියට අදාළව දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන ගිය ගොනුවද වසා දැමීමට නීතිපතිවරයා පියවර ගෙන ඇති බව මියගිය රැඳවියන්ගේ ඥාතීන් සහ රහස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කර ඇත.
පසුගිය ‘කොවිඩ්’ සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් තමන්ට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා ‘කොවිඩ්’ පරීක්‍ෂණ කරන ලෙසත් ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා කළ විරෝධතාවකදී කළ වෙඩි තැබීම් හේතූවෙන් රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබිණ.
සිද්ධියට අදාළව කළ දීර්ඝ මහේස්ත්‍රත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මරණකරැවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයිද මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කළහකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවා දැයි සැක මතුවන්නේ යැයිද සඳහන් කර ඇත.


කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත් ඒ අනුව කළහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවට සාක්කි ඉදිරිපත් වුවද මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවට සලකුණු නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස” බඩ” පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතූවෙන් බවද මහේස්ත්‍රාත් පරීක්‍ෂණ තීන්දුවේ සඳහන් කර ඇත.
ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කර තිබිණ.
එසේ නියම කර වසර 1 1/2ක කාලයක් ගතවී තිබුණත් මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයකට ඉදිරිපත් කර නොමැතිව තිබියදී පසුගිය අගෝස්තු 30 වැනිදා නීතිපතිවරයා වෙනුවට අතරේක සොලිසිටර් ජනරාල් හරිපියා ජයසුන්දර මහත්මිගේ අත්සනින් යුතු ලිපියක් මඟින් අපරධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට යොමු කරමින් සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවද දෙපාර්තමේන්තුවේ පවත්වා ගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවද දැනුම් දී ඇත. සිද්ධියට අදාළ විමර්ශන උධෘත අධ්‍යයනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රුඳවින්ගේ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නීත්‍යනුකූලව කටයුතු කර ඇති බවත් නිලධාරීන් පෞද්ගලික ආරක්‍ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරීක්‍ෂණය කරන බවත් සඳහන් කරන නීතිපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවත් සඳහන් කර තිබිණ.
එසේ තිබියදී රැඳවියන් පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට යොදා ගත් බව කියමින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලබා ගෙන තිබු බව කියන ගිනි අවි 06ක් සහ පොලිස් විශේෂ බළකා නිලධාරීන්ගෙන් ලබා ගෙන තිබූ බව කියන ටී 56 වර්ගයේ ගිනි අවි 02ක් මුදා හරින ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන අදාළ ගිනි අවි බන්ධනාගාරයට සහ පොලිස් විශේෂ බළකායට මුදා හැරීමට නියම කළේය.
ඉන් අනතුරුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නොවැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා මියගිය රැඳවියන්ගේ ඥාතීන්ට හා රහස් පොලිස් නිලධාරීන්ට නොතිසි නිකුත් කළේය.



අදහස් (0)

මහර රැඳවියන් ඝාතන නඩුව: නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සදහා අධිකරණයේ පෙනී සිටින්නැයි රහස් පොලිසියට නියෝග

ඔබේ අදහස් එවන්න

පුවත්

පක්ෂ කිහිපයක ඉහළ තනතුරු වෙනුවෙන් රහස් සාකච්චා
2024 ඔක්තෝබර් මස 21 50 0

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසු


ලංකාවේ බඩගින්න වැඩි වෙලා ලෝක ආහාර වැඩසටහන කියයි
2024 ඔක්තෝබර් මස 21 24 0

ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස (ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වෙන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත


මහර රැඳවියන් ඝාතන නඩුව: නීතිපතිගේ ස්ථාවරය දැනුම් දීම සදහා අධිකරණයේ පෙනී සිටින්නැයි රහස් පොලිසියට නියෝග
2024 ඔක්තෝබර් මස 21 14 0

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවකදී වෙඩි තබා 11 දෙනෙකුගේ මරණ සිදුකිරීමේ සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නොවැ. 22 වැනිදා අ


බාල පොල් තෙල් ගෙන්වීමට ඉඩක් නැහැ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
2024 ඔක්තෝබර් මස 21 14 0

ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව ආරක්ෂක අංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා වයි. ඩී. එන්.


මැතිවරණ ප්‍රචාරණය සඳහා සජබෙන් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 21 16 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිර


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු සේවක හිගයක්
2024 ඔක්තෝබර් මස 21 10 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කම්කරුවන් සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් රටවලට යෑම සහ පෞද්ගලික ආරක්ෂක සේවය ඇතුළු වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site