ඉන්දික හේවාවිතාරණ
මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථිර සේවකයන් සිදුකරන සියලුම රාජකාරි කටයුතු අනියම් පදනමින් සේවය කරන සේවකයන්ද සිදුකළත් වැටුප් ලබා දීමේදී බරපතළ විෂමතාවක් පවතින බව එම අධිකාරියේ එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිහාල් අජිත් සඳහන් කළේය.
අනියම් පදනමින් සේවය කරන කම්කරුවෙකුගේ මාසික වැටුප රු. 35000ක් පමණ බවත් ස්ථිර සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් හැටදහසකට ආසන්න බවත් ඔහු සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථිර කම්කරු නතතුරු 850කට වැඩි ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබියදී වසර දහයක කාලයක සිට සේවකයන් 1039ක් අනියම් පදනමින් සේවය කරමින් සිටින බවද හෙතෙම පැවසීය.
මෙම පිරිස් ස්ථිර කරන ලෙස පසුගිය ආණ්ඩුවෙන්ද ඉල්ලීම් කළ පරිදිම පෙරේදා (04දා) ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලට සංදේශයක් භාර දුන් බවද ඔහු පැවසීය.
පවතින පුරප්පාඩු සඳහා මෙම පිරිස් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ මූලික කටයුතු සිදුකර තිබුණත් ඉන් ඉදිරියට සිදුවිය යුතු කටයුතු තවමත් සිදුවී නොමැති බවද එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. අනියම් පදමින් සිටින සේවකයෙකුට දෛනික වැටුප ලෙස දිනකට ලබා දෙන්නේ රුපියල් 850ක මුදලක් බවද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 5000ක මුදලක් හා තවත් සුළු දීමනාවක් ලබා දෙන බවද ඔහු පැවසීය. මේ අනුව මෙම සේවකයෙකුගේ මාසික වැටුප වන රුපියල් 35000ක මුදලින් පවුලක් නඩත්තු කිරීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
ස්ථිර සේවයේ කම්කරුවෙකුගේ වැටුප රුපියල් 60000කට ආසන්න වන නිසා අනියම් පදනමින් වසර 10 ක පමණ සේවා කාලයක් ඇති මෙම පිරිස් ස්ථිර සේවයට ඇතුළත් කරගත යුතු බවද ඔහු පැවසීය.
මේ නිසා මුලින්ම දැනට තිබෙන පුරප්පාඩු 850 සඳහා මෙම පිරිසෙන් අනුයුක්ත කළ යුතු බවත් ඉන් පසුව පුරප්පාඩු වන ආකාරයට ඉතිරි පිරිස්ද ස්ථිර සේවයට ඇතුළත් කර ගත යුතු බවත් ඔහු පැවසීය.
වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්
කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප
බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන්
ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා ත
පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයන් ස්ටීර කරන්නැයි ජනාධිපතිට සන්දේශයක්