සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට ඇතැම් ප්‍රධානීන් මන්දෝත්සාහි වීම හේතුවෙන් වින්දිත නිලධාරිනියන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පසුගියදා පැමිණිලි කළහ.
ඇතැම් ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ ඇතුළත තොරතුරු පිටත යන බවට ප්‍රකාශ කරමින් බාහිර පරීක්ෂණයට අදි මදි කරන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි එම සේවකයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීමට අකමැති වීම පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට සේවකයෝ සැක පළ කරති.
බාහිර විමර්ශනයක් පැවැත්වීම ලෝක සම්මත සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය හෙයින් මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු සේවකයන් දැනටමත් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එසේ නොවුණහොත් වින්දිත නිලධාරිනියන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් දැනටමත් පවත්වා ඇතත් වින්දිත නිලධාරිනියන්ට තවමත් සාධාරණයක් ඉටුවී නැති බව දැනගන්නට ඇත. එසේම එම විමර්ශන වාර්තාව අදාළ ප්‍රධානීන්ට බාර දීමද ප්‍රමාද වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේදී විවිධ හිංසනයන්ට ලක්ව ඇතැයි පැවසෙන සේවිකාවන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ දී රට අතහැර ගොස් ඇතැයි ද දැනගන්නට ඇත.
ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැවැත් වූ බාහිර විමර්ශනයෙන් හෙළිදරව් වූ තොරතුරු මත එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පසුගියදා පියවර ගැනිණ.
එම බාහිර විමර්ශනය පවත්වනු ලැබුවේ ලැබුවේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසිනි.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා