ඉන්දික හේවාවිතාරණ
වී මිලදී ගැනීම සඳහා රජය වෙන් කර තිබෙන රුපියල් කෝටි 500ක මුදලින් මිලදී ගත හැකි වී මෙ.ටො. 41,000 තොගයෙන් ලැබෙන සහල් ප්‍රමාණය රටේ ජනතාවට ප්‍රමාණවත් වන්නේ දින හතරකට පමණක් බව ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා සඳහන් කළේය.
නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 120ක් බවත් මෙම මුදලට වී ලබා ගෙන නාඩු සහල් කිලෝවක් රුපියල් 225නට ලබා දිය හැකි බවත් මේ වන විට නාඩු සහල් කිලෝවක් රුපියල් 230 කට අලෙවි කරන නිසා නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් ඉහළ දැමිය යුතු බවත් එසේ නොමැති නම් නාඩු සහල් කිලෝවක මිල රුපියල් පහකින් පහළ දැමිය යුතු බවත් ඔහු පැවසීය.
මෙම කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අස්වැන්න නෙළන ප්‍රදේශවල මේ වන විට වී ගබඩා විවෘත කර තිබෙන බවත් නාඩු වී කිලෝව රුපියල් එකසිය විස්සක මුදලකට මිලදී ගන්නා බවත් මණ්ඩලයට මිලදී ගනු ලබන්නේ වියළි වී පමණක් බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේය.
විවෘතව පවතින ගබඩාවලට ගොවි ජනතාව වී තොග රැගෙන ආ පසුව මිලදී ගැනීම් සිදුකරන බවද හෙතෙම පැවසීය. වී අස්වැන්න නෙළන ප්‍රදේශ අනුව වී ගබඩා විවෘත කරන බවත් වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රුපියල් කෝටි පන්සීයක මුදලක් ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
වි මිල දී ගැනීමට මීට සමාන මුදල් ප්‍රමාණයක් තවත් අදියරක් යටතේ වෙන් විය හැකි බවත් පළමු අදියර යටතේ වෙන් කළ මුදල මේ වන විට ලැබී තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන සහතික මිල අනුව මෙවර කන්නයේදී නාඩු වී කිලෝවක් රුපියල් 120ට, සම්බා වී කිලෝවක් රුපියල් 125කට, හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නා බව විෂය භාර අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සඳහන් කළේය.
වි සඳහා සහතික මිලක් නියම කිරීමට පෙර මෝල් හිමියන් විසින් නාඩු හා සම්බා වී ඉහළ මිලකට මිලදී ගත් බවත් සහතික මිල නියම කිරීමත් සමග මෝල් හිමියන්ද වී මිල පහළ දමා තිබෙන බවත් එකාබද්ධ ගොවි සංවිධාන හා අඳ ගොවි ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම කන්නයේදී නාඩු කිලෝවක් සඳහා රුපියල් එකසිය තිහකට වැඩි මිලක් හා සම්බා කිලෝවකට රුපියල් 14ක් හා කීරි සම්බා වී කිලෝවකට රුපියල් 145 කට වැඩි මිලක් ලැබිය යුතුව තිබූ බවද එම සංගමයේ ලේකම් ජයන්ත විජේසිංහ සඳහන් කළේය.
ගොවිජනතාව මෙම මිල ඉල්ලා සිටි නිසා පුද්ගලික වෙළෙඳුන් පසුගිය දිනවල නාඩු වී කිලෝවක් රුපියල් 130 - 140 අතර මිලකට මිලදී ගත් බවත් සම්බා වී කිලෝවක් රුපියල් 140 - 150 අතර මිලකට හා කීරිසම්බා වි කිලෝවක් රුපියල් 150 - රුපියල් 160 අතර මුදලකට මිලදී ගත් බවත් ඔහු පැවසීය.
රජයේ සහතික මිලට වී ලබා දීමට නම් සියයට දාහතරේ වියළි තත්ත්වය තිබිය යුතු බවත් මේ ආකාරයට වියළි තත්ත්වයට වී පත් කිරිමට අතිබහුතරයක් ගොවීන්ට පහසුකම් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
රජයේ ගබඩා සඳහා වී ප්‍රවාහනය කිරීම සඳහා සැලකිය යුතු මුදලක් ගොවීන්ට දැරීමට සිදුව තිබුණත් බෙහෝ ප්‍රදේශවල පුද්ගලික වෙළෙඳුන් කුඹුරට හෝ ගොවියාගේ නිවසට පැමිණි වී මිලදී ගන්නා බවත් ඔහු පැවසීය.
මෙවර වී මිල තීරණය කර තිබෙන්නේ විද්වත් කමිටුවකින් බවට රජය ප්‍රකාශ කරන බවත් මේ අනුව වී මිල තිරණය කිරීමට යොදා ගත් කරුණු කඩිනමින් ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඔහු පැවසීය.
වී මිල තීරණය කිරීමේදී ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂාවන මිලක් නියම කළ යුතු වුවද මෙවර සිදුවී තිබෙන්නේ මෝල් හිමියන්ට වාසි වන ආකාරයේ වී මිලක් තිරණය කිරීම හා සහල් මිලක් පවත්වාගෙන යාම බවද හෙතෙම සඳහන් කළේය.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රජය මිලදී ගන්නා වී දින හතරක සහල් සඳහා පමණයි - ගොවි අරගල ව්‍යාපාරය