IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු

ඉන්දික හේවාවිතාරණ
රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්‍රමාණය සොයා ගැනීමට සමීක්ෂණයක් සිදු කළ යුතු බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. අදාළ සමීක්ෂණයට අනුව අත්‍යවශ්‍ය සේවාවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද එම සන්ධානයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.

දැනට සෙඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය, කළමනාකරණ සේවය හා  උසස් අධ්‍යපන ක්ෂේත්‍රයෙහි විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, පළාත් පාලන ආයනතවල හා පළාත් රාජ්‍ය සේවයේ ඇතැම් සේවාවල පුරප්පාඩු පවතින බවත් හෙතෙම පැවසීය.
මේ අනුව පුරප්පාඩු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පවතින අතර රාජ්‍ය සේවයේ විශාල සේවාවක් සිදුකරන කළමනාකරණ සේවාවෙහි පමණක් පුරප්පාඩු 8000කට අධික ප්‍රමාණයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
කළමනාකරණ සේවයේ සිටින පිරිස් රාජ්‍ය සේවයේ විශාල කාර්යභාරයක් සිදුකරන බවද පවතින පුරප්පාඩු නිසා රාජ්‍ය සේවා කටයුතුවලට බලපෑම් සිදුවන බවද හෙතෙම පැවසීය.
2005 වසරින් පසු දේශපාලනඥයන් විසින් අලු‍ත් තනතුරු ඇති කර රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් සමස්ත රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය මේ වන විට ලක්ෂ පහළොවකට ආසන්න බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් ලක්ෂ දහයකින් පමණ අදාළ සේවා කටයුතු සිදු කළ හැකි නිසා අලු‍තින් ඇති කර තිබෙන තනතුරු සඳහා බඳවා ගැනීම් නවතා දමා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද අජිත් තිලකරත්න පැවසීය.

 



අදහස් (0)

රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු

ඔබේ අදහස් එවන්න

පුවත්

ජාතික ලැයිස්තුව පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 14 95 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු
2024 ඔක්තෝබර් මස 14 56 0

රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්‍රමාණය සොයා ගැනීමට සමීක්


වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 14 15 0

දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා දක්වා වැසි සහිත කාලගුණය පවතින බව කාලගු


නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්
2024 ඔක්තෝබර් මස 14 21 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභ


ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමෙන් ගැටලු රැසක්
2024 ඔක්තෝබර් මස 14 43 0

දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක


ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ
2024 ඔක්තෝබර් මස 07 141 0

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 623 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site