IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝසම් : කෝටි දෙසීයක අතිකාල අරන්

සුජිත් හේවාජුලිගේ


රේගු නිලධාරීන්ට සහ  රේගුවට තොරතුරු සපයන්නන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422කට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ. තව ද නිලධාරීන්ට අතිකාල අරමුදලින් කෝටි දෙසීයකට ආසන්න මුදලක් 2021 සහ 2023  වර්ෂවලදී ගෙවා ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම අරමුදලින් රජයට බැර කර ඇති ආදායම  කෝටි විස්සක් 
පමණකැයි පැවසේ.
විමර්ශන සඳහා දායකත්වයක් නොදක්වන නිලධාරීන් සඳහා ද ත්‍යාග ලැබෙන ආකාරයෙන් අභ්‍යන්තර නියෝග සකස් කර ත්‍යාග ලබාදී තිබූ බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
සාමාන්‍ය රාජකාරිමය අනාවරණය කර ගැනීම් ද රේගු වැරදි අනාවරණ ලෙස සලකා කාර්ය මණ්ඩලයට ත්‍යාග හිමිකම් ලබාදී තිබූ බව පවසන විගණන වාර්තාව, නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම පමණක් සිදුකළත්  ඔවුනට වැටුප්, දිරි දීමනා සහ අතිකාල ලැබෙන බව  සඳහන් කරයි. මේ අනුව රේගු නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරියේ කාර්යයන් සහ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ද අමතර ප්‍රතිලාභ ලැබෙන අයථා කාර්යයක් සිදුවෙමින් පවතින බව වාර්තාවේ දැක්වේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සියලුම රාජ්‍ය සේවකයන් සිය පැමිණීම හා පිටවීම සටහන් කිරීම වෙනුවෙන් ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කළ යුතු වුවද ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අන්තනෝමතිකව  පැමිණීමේ ලේඛනයක් පමණක් භාවිත කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. සාමාන්‍ය රාජකාරි වේලාවෙන් පරිබාහිරව සේවයේ යෙදුනේ ද නැද්ද යන්න නොසලකා රේගු අතිකාල අරමුදලෙන් සියයට අනූවක් නිලධාරීන්ට ගෙවා තිබූ බව වාර්තාව සඳහන් කරයි. ඉන් සියයට දහයක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් රාජ්‍ය ආදායමට බැර කර තිබූ බව ද වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ රේගු අරමුදල් කළමනාකරණය, පරිපාලනය සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාවේය. මෙම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

 



අදහස් (0)

රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝසම් : කෝටි දෙසීයක අතිකාල අරන්

ඔබේ අදහස් එවන්න

පුවත්

උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ
2024 අගෝස්තු මස 31 82 0

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වි


චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි
2024 අගෝස්තු මස 31 139 0

තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ට


සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්
2024 අගෝස්තු මස 31 34 0

සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ


අනුරට සියයට 60 ක් - ටිල්වින්
2024 අගෝස්තු මස 31 43 0

ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජයගනු ඇත්තේ සීයට හැටක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබමින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා


රනිල්ට සියයට 51 ක් තියනවා - වජිර
2024 අගෝස්තු මස 31 61 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ගන්නා ඡන්ද ප්‍රතිශතය මේ වෙනවිට සියයට51 ඉක්මවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර


2024 ජනපති වරණය විදෙස් මාධ්‍යවේදීන්ට වීසා ගැටලුව හරස් වෙයි
2024 අගෝස්තු මස 31 42 0

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන විදේශ මාධ්‍යවේදීන්ට පවතින වීසා නිකුත් කිරීමේ ගැටලුව හේත


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site